දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

martedì 17 gennaio 2012

භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහලවීම හා භික්ෂූ පරිහානිය

බොහෝ කාලයක්, සදාතනික යැයි ලෝකයක අතරමංව ජරා මරණ ගැන අවබෝධයෙන් තොරව සිටින දෙව් මිනිස් ප්‍රජාව එම උගුලෙන් ගලවා ගැනීමටයි අපගේ ශස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහල වන්නේ.

ජරා මරණ ගැනත්,එය ඇතිවීමත්, නැතිවීමත්, එය නැතිවීම පිනිස පවතින ප්‍රතිපදාවත් මැනවින් කිසිම ගුරු උපදේශකත්වයකින් තොරව අවබෝධ කර ගත් ඒ වීර්යාණන් වහන්සේ බෝහෝ දෙව් මිනිසුන්ගේ හිත සුව පිනිස වසර 45ක් තුල දේශනා කරන ලද්දේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි.



එම නිසා මේ උතුම් දේශනා නොඇසීමෙන් සිදුවන්නේ කුමක්ද කියා අද බොහෝ දෙනාගේ සංවාදයට ලක්වී ඇත. එය කොතෙක් දුරට ශ්‍රී සද්ධරමයට අනුව ගැලපේද. 


භික්ෂූන් වහන්සේලා තුල විශාල පරිහානියක් සිදුවී ඇති බව පූජණීය පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ගේ ලිපිය තුලින් මනාවට පැහැදිලි වෙයි.එයට හේතු වූ කාරණා සමූහයක් ද, එයට වගකිව යුතු පිරිස් ද, මහනායක ස්වාමීන් වහන්සේලාගේ අසරණ භාවය ද විස්තර වශයෙන් දක්වා ඇත. එලෙසම අතීතයේ නොවූ විරූ සේ මෙවන් ශාසන පරිහානියක් නොවූ බවට ද උන් වහන්සේ ඉඟි කොට ඇත. මේ කරුණු සියල්ලම සත්‍ය ලෙස කරුණු සහිතව පෙනෙන දෙයකි.


ඈත අතීතයේ සිටම ලොවට ඇති එකම ධර්ම නිධානය වන ශ්‍රී සම්බුද්ධ දේශනා ගිහි පැවිදි ශ්‍රාවකයන් වෙත ආරක්ෂා කර ලබා දීමට ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් ගිහි පැවිදි පාර්ශවයන් අතරින්ම බිහි වී තිබුණි.අනගාරික ධර්මපාලතුමා,මිගෙත්තෙට්ටුවේ ගුණානන්ද හිමි,ගංගොඩවිල සෝම හිමි මේ කී නොකී අතරින් ස්වල්ප දෙනෙකි.එතුමන්ලා ට කිරීමට හැකි වූ ඒ කොටස මහත් උතුම් ශ්‍රේෂ්ඨ කාර්යයක් වූ බව අපට පැහැදිලිය.අවලාද,ගැරහුම්,නින්දා,අපහස තුලින් නොයෙක් බාධක මැද මේ සම්බුද්ධ ශාසනය රැක ගැනීමට දිවි හිමියෙන් කටයුතු කර, ඇතම් අවස්ථා වල ජීවිත වලින් වන්දි ගෙවීමට පවා මේ උතුමන්ලාට සිදු විය.


එවන් යුගයක, එමෙන්ම ඉතාමත් මෑත ඉතිහාසයක් පසුකොට ඇති බෞද්ධයන්ට, මෙවන් යුගයක, ඉතාමත් පරිහානියට පත් භික්ෂූන් ශාසනය තුල හිද කඳ පණුවන් මෙන් මුළු බුද්ධ ශාසනයම විනාශ කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණකි.යුග පුරුෂයන් බිහි වන්නේ නායකත්වය තුලින් නොව ඔවුන්ගේ අවංක කැපවීම තුලින්ය.බුද්ධශාසනය විනාශ කරන කඳ පණුවන් කියන්නේ ශාසනය තුල සිට, චීවරයක් පොරවාගෙන සිටින, පරවාහැර ස්වාමීන් වහන්සේ දක්වා ඇති භික්ෂූන් කොටසටය.මොවුන් පන්සල් වල ශාස්තර,මන්ත්‍ර,ගුරුකම් යන විවිධ මිත්‍යදෘෂ්ඨික ඇදැහිලි කරමින්,දේශපාලන අතකොලු වෙමින්,විශ්ව විද්‍යාල වල නොමනා ලෙස හැසිරෙමින් භික්ෂුවකට අකැප දහසක් වැරදි කරමින් සිටින්නේ ශාසනය කා දමන කඳ පණුවන් ලෙසිනි.මෙම ශාසන පරිහානිය දෙස මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බහුතරයක් සමහර නායක ස්වාමීන් වහන්සේලා බලා සිටින්නේ ශ්‍රී සද්ධර්මය ගැන කිසිම අවබෝධයකින් තොරවය.තවද මේ සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට ඇප කැප වී දැයෙන් සමුගත් ඒ ගිහි පැවිදි උතුමන්ලා වෙනුවෙන් ගුණසමරන්නෙත් මේ කඳ පණු වැනි පිරිසය.එම උතුමන්ලා ජීවත්ව සිටින කාලයේ නොයෙකුත් නින්දා අපහස කර, එම උතුම් වැඩපිළිවලවල් කඩාකප්පල් කර ,පසුව ගුණ වයන්නේ තමගේම හුදු ලාභ ප්‍රයෝජන කීර්තිය මුල් කරගෙන තමන්ගේම වංචනික පැවත්ම උදෙසා බව අප දැන්වත් තේරුම් ගත යුතුයි. මෙයින් පන්සල් වලින් සිල්වතුන් ගුණවතුන් ඉවත් වී මෙම පිරිහුන භික්ෂූන්ටම ගැලපෙන ගිහි පිරිසක් නිර්මාණය වීම කා හටත් නොවළැක්විය හැකි බව අප සිහි තබා ගතයුතුයි.


බහුතරයක් භික්ෂූන් මෙලෙස පරිහානියට ලක් වුවද,සිල්වත්, ගුණවත්, ශාසන විනයකින් යුතු ඉතාමත් සුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ උතුම් ශ්‍රී සද්ධර්මය විවෘත කොට ශ්‍රාවකයින් වෙත අවබෝධ කර දීමට මහත් වෙහෙසක් දරන බවත්, අතීතයේ එලෙසින් සිදු කළ බවත්, අප සිහි තබා ගත යුතුයි.ඒ අතර ආරණ්‍යවාසී සිල්වත් භික්ෂූන් ද සිටිති.ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ,පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ , අතිපූජනීය රේණුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අතුළු තවත් පින්වත්, සිල්වත් මනා විනයකින් යුතු ස්වාමීන් වහන්සේලා ද සිටිති. ලංකාවේ බහුතරයක් භික්ෂූන් වහන්සේලාගේ ඇස නොගැසුණු, එසේ නැති නම් සිතා මතාම ඇස නොගැටුණ, උතුම් වූ ශාසනික ප්‍රබෝධයක් ඇති කරන මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා ද නිහඬව, නිහතමානී ලෙස මේ උතුම් ශ්‍රී සද්ධර්මය දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස දේශනා කරමින් ඇත.උන්වහන්සේලාට ද නොඅඩුව ඉහත සඳහන් වූ පරිහානියට පත් දුසිල්වත් කපටි භික්ෂූන් ගෙන් නින්දා අපහස විදීමට සිදු වී ඇත.


පින්වත් මහණෙනි, මේ දඹදිව රමණීය ආරාම,රමණීය වනාන්තර,රමණීය භූමි,රමණීය පැන් පොකුණු,තිබෙන්නේ ස්වල්පයයි.එනමුත් පින්වත් මහණෙනි,මේ බෑවුම්, පල්ලම්,ගංඟා දුර්ග,කාණු,කටු,තියෙන තැන් විසම කඳු ගැට ආදිය ම තමයි බහුලව තියෙන්නේ.
පින්වත් මහණෙනි, අන්න ඒ වගේ ම තමයි, යම් කෙනෙක් ප්‍රඥාවන්ත නම්,මෝඩ නැත්නම්,බුද්ධිමත්ව කතා කරනවා නම්,සුභාෂිත වූ බුද්ධ වචනයත් දුර්භාෂිත වූ මිසදිටු වචනත් වෙන්ව හඳුනා ගැනීමට තරම් සමත් නම්, ඒ සත්වයින් ඉන්නේ ස්වල්පයයි. ඒ වුනත් ප්‍රඥාව නැති, මෝඩ කට වාචාල,සුභාෂිත වූ බුද්ධ වචනයත්, දුර්භාෂිත වූ මිසදිටු වචනත් වෙන්ව හඳුනා ගැනීමට තරම් අසමත් අය ඉන්නවා නම්, ඒ සත්වයින්ම තමයි බහුලව ඉන්නේ.


අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, යම් කෙනෙකුට ආර්ය වූ ප්‍රඥා ඇස තියෙනවා නම්,තථාගතයන් වහන්සේ වදාළ ධර්මය,විනය අහන්නට ලැබෙනවා නම්,එය මතකයේ රඳවා ගන්නවා නම්,ඒ ධර්මයේ අර්ථ සිතා බලනවා නම්,ධර්මානුකූල ප්‍රතිපත්තියේ යෙදෙනවා නම්,නිවන අරමුණු කර සමාධිය ලබා, අමා නිවන් රසයත් ලබනවා නම්,ඒ සත්වයින් ඉන්නේ ස්වල්පයයි.


අවිද්‍යාවෙන් මුළා වෙච්ච අය ඉන්නවා නම්,තථාගතයන් වහන්සේ ගේ ධර්මයත්,විනයත් අහන්නට ලැබෙන්නේ නැත්නම්, ඒ ධර්මය මතක රඳවා ගන්නේත් නැත්නම්,අර්ථ වශයෙන් සිතා බලන්නේ ත් නැත්නම්,ධර්මානුකූල ප්‍රතිපදාවේ යෙදෙන්නේ ත් නැත් නම්, සිතේ සමාධිය ත් නොලබමින්, අර්ථ රසයත්,ධර්ම රසයත්, නිවන් රසයත් ලබන්නේ නැත්නම්, ඒ සත්වයින් ම තමයි බහුලව ඉන්නේ.

භාග්‍යවතුන් වහන්සේ මෙලෙස සත්වයින්ගේ ලෝක ස්වභාවය ගැන අනන්ත අප්‍රමාණ වූ ප්‍රඥා සහිත බුදු ඇසින් දකින ලද්දේ මෙසේය.එනිසා මහනායක ස්වාමීන් වහන්සේලා කළ යුත්තේ කුමක්ද?

නිකායන් වලට බෙදී සඝ තනතුරු වල පමණක් නොසිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයත්, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් නායකත්වයට පත් කර ගැනීමයි.එහි ඇති ධර්මයත්, විනයත් තේරෙන ලෙස භික්ෂූන් වහන්සේලා ට කියා දීම හැර වෙන විකල්පයක් නොපවතින බැවින්, ප්‍රමාද නොවී නිහතමානී ලෙස නුවණින් විමසා බැලීම ද වටින්නේය.

ලක්ෂ ගණනක් සැදැහැවත් බෞද්ධයින් මහමෙව්නාව අසපු සංචිතයන් තුල එක් රොක් වන්නේ හුදෙක් මායාවක් නිසා නොව,මේ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් සිංහල භාෂාවට පරිවර්ථනය කර ඇති නිසාය.බොහෝ කාලයක් පාලි භාෂාවෙන් පමණක් පරිශීලනය කිරීමෙන් බොහෝ පිරිසකට මිත්‍යාදෘෂ්ඨිය තුලම සිටීමට සිදු විය. එහි පල විපාක දැන් අපේ භික්ෂූන් වහන්සේලා ද ලබදි.


පින්වත් මහණෙනි, මිත්‍යාදෘෂ්ඨිකයාට මේ පරලොව ගති දෙකක් අතරින් එකක් තමයි කැමති වෙන්න තියෙන්නේ. එක්කො නිරයේ උපත.නැතිනම් තිරිසන් යෝනියේ උපත.

පින්වත් මහණෙනි, සම්මාදිට්ඨියෙන් යුතු කෙනාට මේ පරලොව ගති දෙකක් අතරින් කැමති වෙන්න තියෙන්නේ, එක්කො දෙව් ලොව උපදිනවා, නැති නම් මනුස්ස ලෝකයේ උපදිනවා.



ස්වාමීන් වහන්සේලා දේශපාලනය කරමින්,ග්‍රහ අපල බලමින්, හූනියම් කරමින්,ගුරුකම් කරමින්, විශ්ව විද්‍යාල වල රාගයෙන්, ද්වේශයෙන් පිකටින් කරමින් ලබා ගන්නට හැකි සම්මාදිට්ඨිය කුමක්ද? මෙය තේරුම් ගැනීමට කාලය පැමිණිලා තිබෙනවා.එහෙයින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය මනා කොට ඇසෙන්නේ කොහෙද, කළ්‍යාණ මිත්‍රයාණන්වහන්සේලා සිටින්නේ කොහෙද නුවණින් විමසා බලමින්, ඒ උතුම් ධර්ම ප්‍රතිපදාව තුල ගමන් කිරීම තුලින් පමණයි කෙනෙකුට සම්මාදිට්ඨිය කරා ලඟා වනු හැකි වන්නේ.

නාහං භික්ඛවේ අඤ්ඤාං ඒකධම්මම්පි සමනුපස්සාමි,යේන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ කළ්‍යාණමිත්තතා. කළ්‍යාණමිත්තස්ස භික්ඛවේ අනුප්පන්නා වේච කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.


පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනව නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ශ්‍රී සද්ධර්මය පවසන කළණ මිතුරන් ඇසුර තරම් එයට හේතු වන,වෙන එකම දෙයක් වත් මා දකින්නෙ නැහැ. පින්වත් මහණෙනි, ශ්‍රී සද්ධර්මය පවසන කළණ මිතුරන ඇසුරු කරන පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.


අංගුත්තර නිකාය ඇසුරින්


ලක්මිණ දිසානයක

නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය

නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනයසම්බුද්ධත්ව  ජයන්තියේ සදහම් සිසිලසෙන් මුලූ ලෝකයම සුවදවත් වූ වර්ෂයක බුදු සසුනේ අනාගත පැවැත්ම පිළිබදව සැලකිලිමත් වීම විශාලම සම්බුද්ධ පූජාව වන බව අපගේ හැගීමයි. ලාංකික භික්ෂු සාසනයේ ශෝචනීය තත්වය පිළිබදව කරුණු සලකා බැලීමට වඩාත් කාලීන අවශ්‍යතාවක් වන්නේ එනිසාය. මන්ද යත් පිරීහීම සමාජගත වූ විට එය රෝගය අසාධ්‍ය තත්වයට පත්වූවා සේ වන නිසාය. එම නිසා වර්තමානය වනවිට ලාංකීය භික්ෂු සමාජයේ පවතින පරිහානීය තත්වය පිළිබදව සංවාදාත්මක තත්වයකට ගෙන ඒමත් ඒ තුලින්ම කිසියම් විසදුම් මාර්ගයකට ලාංකීය භික්ෂු සාසනය මෙහෙයවීමට සාසන භාරධාරී නාහිමි වරුන් ගේ අවධානය යොමු වේ යයි අපගේ අපේක්ෂාවයි .”විනයො නාම සාසනස්ස” ආයු යන බුදු වදනට අනුව සාසනයේ පැවැත්මට නම් විනය ශික්ෂා පද වලට ගරු කිරීම අනිවාර්ය වෙයි. එසේ නොවන බුදු සසුන වසර දස දහසක් පැවතුනද කිසිදු ඵලයක් නොවේ.
ලාංකික භික්ෂු ශාසනය අතීතයේ නායකත්වයක් සහිතව ගුරු ගෝල සම්බන්ධකම් හා ගරුසරුකම් මත ඉතා නිරවුල්ව කි‍්‍රයාත්මක විය. වරක් ආනන්ද තෙරුන් වහන්සේ බුදු රදුන්ගෙන් විමසන්නේ බුදු දහමෙන් භාගයක්ම පවතින්නේ කල්‍යාණමිත‍්‍ර ඇසුර මත නොවේද    යනුවෙනි. එවිට බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ භාගයක් නොව මුලු බුදු සසුනම පවතින්නේ කළ්‍යාණ මිත‍්‍ර ඇසුර මත බවය. බුදු සසුනේ පරිහානියේ ප‍්‍රධාන කරුණක් නම් ගුරු සිසු සබදතාවය නිසිලෙස ක‍්‍රියාත්මක නොවීමය. ලන්දේසි සමය වනවිට ගනින්නාන්සේලා බවට පත්ව තිබු භික්ෂු සාසනය වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ අප‍්‍රතිහත ධෛර්යයෙන්  උපසම්පදාව පිහිටුවා නැවත මනාව ප‍්‍රතිෂඨාපනය කිරීමක් සිදු විය. උන් වහන්සේගේ නායකත්වය යටතේ සිල්වත් ගුණවත් භික්ෂු පිරිසක් නැවතත් බිහි වූ අතර ශාසනික පැවැත්ම සදහා බොහෝ කුල දරුවන් පැවිදි වූ අතර විනයානුකූල ප‍්‍රතිපදාවන්ගෙන් මනාව හික්මුණු මේ පිරිස නිසා ගිහි පැවිදි සම්බන්ධය යලිත් තහවුරු විය. බිහිවුණු ගෞරවණීය භික්ෂු පරපුර දිවි හිමියෙන් භික්ෂු ගෞරවය ද සුරක්ෂිත කල අතර දැනට වසර 50 පමණ පෙර අතීතය දෙස බලනවිට සිල්වත් ගුණවත් මේ භික්ෂුන් වහන්සේව දැකිය හැකිය. අද එවන් භික්ෂුන් දැකීම ඉතා දුර්ලභ වන්නේ විනය පිළිබද තත්වය ඉතා කණගාටුදායක වන නිසාය. එම නිසා විනය, ගෞරවය හා භික්ෂුත්වය යනු කිසිදා වෙන් කල හැකි කරුණු නොවන බවත් වෙන් වු කල පරිහානිය බවත් අප තරයේ සිහි තබා ගතයුතුය.

මෙම මාතෘකාව පිළිබදව කතා කරන විට පළමුව පැහැදිලි කරගතයුතු කරුණු කිහිපයක් වෙයි. භික්ෂුව හා සංඝ යන වචන පිළිබදව නිවැරදිව තේරුම් ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය යයි සිතමි. සංඝ යන්නෙහි අර්ථයන් කිහිපයක්ම දක්වා ඇත. සංඝ යනුවෙන් හදුන්වන්නේ බුදුරදුන් දෙපස වැඩසිටි සැරියුත් මුගලන් ආදී මහා සංඝරත්නයෙන් එක් කොටසකි. ඒ හැරුණු විට බුදුන් වහන්සේ උගන්වා වදාළ ශාසනික පිළිවෙත් අනුව කටයුතු කරමින් නිර්වාණ මාර්ගය අපේක්ෂා කල ශ‍්‍රාවක ”මහා සංඝයා තවත් කොටසකි. මෙයින් ආර්ය මහා සංඝරත්නය ලෙස  ගැනෙන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට හෝ පත් ආර්ය ශ‍්‍රාවකයන් වහන්සේලාය. මේ දෙපිරිසටම අමතරව තවත් සංඝ පිරිසක්ද දැකිය හැකිය. මාර්ග ඵල අපේක්ෂාවෙන්  එමෙන්ම සසර දුකින් මිදෙනු පිණිස පැවිදි බව පතන ආචාර්ය උපාධ්‍යයන් සමීපයේ සිට මේ සිවුරු පිරිකර ලබාගෙන සසර දුකින් මිදීම  පිණිස තමනටද පැවිද්ද දෙන්නැයි ඉල්ලා  පැවිදි බව ලබා ගන්නා පිරිසයි. මෙම සංඝ සමූහයා විසින් පිළිපැදිය යුතු විනය නීති මාලාවක්ද වේ. සාමණේර ශීලය හැරුණු විට උපසපන් භික්ෂුව විසින් ගරු කලයුතු පාරාජිකා සංඝාදිසේස ආදී විනයානුකූලව හික්මීමේ ශික්ෂාපද 227 ක් දක්වා ඇත. ඒවා තුලින් බලාපොරොත්තු වන්නේ විනය මාර්ගයේ වඩාත් හික්මුණු සිල්වත් ගුණවත් මහා සංඝ පරම්පරාවකි. මේ අයුරින් සංඝ යන්නට අදාල පරාසය සරලව පෙන්වා දියහැකිය.
සංඝ යන වචනය මෙන්ම භික්ෂුව යන්නද එවැනිම වැදගත් අර්ථ සහිත වචනයකි. භික්ෂුව යන්න ද සංඝයා වහන්සේ යන්නද සමානව භාවිතාවන අවස්ථා ඇති නමුදු භික්ෂුව යන්න වැදගත් අර්ථ දරන වදනකි. අටුවාචාරීන් වහන්සේලා පැහැදිලි කර ඇති ආකාරයට භික්ෂුව යයි හැදින්වෙන්නේ භික්ෂාවෙන් යැපෙන නිසාය. ”භික්ඛතීති භික්ඛු” යනුවෙන් එය සදහන් කෙරෙන අතර භික්ෂාව යනු පිණ්ඩපාත කර ලබා ගන්නා ආහාරයයි. එම ආහාරයෙන් යැපෙමින් ශාසන ප‍්‍රතිපදාව රකින ජීවිතයේ නිසරු බව තේරුම් ගත් උත්තමයෝ භික්ෂු නම් වෙති යන්න එක් මතයකි. දෙවන අදහසේ දැක්වෙන හැදින්වීම් පාඨය වන්නේ ”සංසාර භයං ඉක්ඛතීති භික්ඛු” යන්නයි. සසර භය කෙලවර කිරීම සදහා චීවරය දරාගෙන ඒ අනුව කටයුතු කරමින් දායක දායිකාවන්ටද පින් වැඩෙන පරිදි ඔවුනටද දහම් උගන්වමින් සසර කෙලවර කිරීම සදහා වීරිය කිරීම යන අදහස මුල් කරගෙනද භික්ෂු යන්න අර්ථවත් වේ. මෙම සියලූම අදහස් දෙස බලන විට පැහැදිලි වන කරුණක් නම්  සියලූ අර්ථ කථනයන් බිහිව ඇත්තේ මුල් කාලීන භික්ෂුන් වසන්සේලාගේ චරණයන් මත බවය.”ඡුින්න භින්න පටධරෝ භික්ඛූ” යන්නද එකී ප‍්‍රකාශය සනාථ කරන්නකි. කිසිදු වටිනා කමක් නැති රෙදි කැබලි කපා මසා සකස් කර ගත්  චීවරය දරන නිසා ද භික්ෂු  නම් වේ. චීවරය ඉරීමක් සිදු වුවත් එයට රෙදි කැබැල්ලක් තබා මසා ගැනීම එදා සිරිත වූ බව පෙනේ.

වචනාර්ථ විග‍්‍රහය කෙසේ වුවත් අද භික්ෂුන් වහන්සේලා මෙකී මූලික අරමුණු හා ස්වරූපයන්ට කෙතරම් දුරට අනුගතව ඇද්ද යන්න මහත් සැලකිල්ලෙන් සොයා බැලීම වැදගත්ය. බුදුන් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් හදුන්වා දුන් චීවරය අද සමාජයේ  ඕනෑම නින්දිත පහත් වැඩක් කිරීමට යොදා ගන්නා ආකාරය දැකිය හැකි අවස්ථා අපමණය. එවන් පහත් වැඩ හමුවේ වැරදිකරුවනට චීවරධාරියෙකු යයි හදුන්වා ලිස්සායාමට පමණක් කටයුතු කිරීම අද ක‍්‍රමය බවට පත් වී ඇත. මා දකින ආකාරයට අද ඇති වී තිබෙන මෙම සාසන පරිහානියට විසදුම් සෙවීම තව දුරටත් පමා කිරීම එතරම් ඥනාන්විත නොවේ. 2600 වැනි බුද්ධ ජයන්ති වසර නිසා හෝ එවන් සන්ධිස්ථානයන් අරමුණු කොට උත්සව පැවැත්වීමට වඩා භික්ෂූ සමාජය පරිහානියෙන් මුදා ගැනීමට යමක් කල හැකි නම් එය ඉතා වැදගත්බව කිව යුතුය. භික්ෂුව මෙතරම් පිරිහුණු යුගයක් සාසනයේ තවත් තිබුණාදැයි සැක සහිතය. ගණින්නාන්සේලා තුල පවා යම්  ශ‍්‍රද්ධාවක් තිබුණු බව එවක පැවති ලිපි ලේඛන පරිශීලනය කරන විට පැහැදිලි වේ. එහෙත් වත්මන් භික්ෂු සමාජයේ බහුතර භික්ෂුන් වහන්සේලා තුල ගනින්නාන්සේලා තුල තිබුණු හොද ගුූණ  දම් පවා නැත .

භික්ෂුන් වහන්සේ සදහා භාවිතා වන නාමයක් වන්නේ කුල දේවතා යන්නයි. ඒ ඉතා ඈත අතීතයේ සිට ජාතියේ  පෙර ගමන් කරුවන් වූයේ භික්ෂූන් වහන්සේලා නිසාය. ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ, වාරියපොල සුමංගල හිමි, කුඩාපොල හිමි වැනි තෙරුන් වහන්සේලා උත්කෘෂ්ඨ උදාහරණයෝය. එනිසාම වර්ථමානයේ වුවද භික්ෂූන් වහන්සේලාට ජාතික කාර්්‍යයභාරයක් නිතැතින්ම පැවරී ඇත. එහෙත් එකී මහා කර්තව්‍ය වරදවා ගත් සෙයක්ද පෙනේනට තිබේ. වර්ථමාන භිකෂුන් වහන්සේලා  දේශපාලනයට මග පෙන්වනු වෙනුවට දේශපාලකයින්ගේ පසු පසින් යති. අන්තවාදි දේශපාලන පක්ෂවල අතකොලූ බවට පත්ව  අමිල වූ  චීවරයේ ගෞරවය නසමින් මහමග පෙළපාලියේ සටන් පාඨ කියවමින් යන ආකාරය අතිශයින් සංවේග ජනකය. කරුණා මෛති‍්‍රය පතල කිරීම සදහාම චරිතවත් වියයුතු භික්ෂුව හදවතින් නොව කායිකව පමණක් චීවරය දරාගෙන අනෙකුත් වරප‍්‍රසාද භුක්ති විදිමින් හැසිරෙන අයුරු දකින විට ඇතිවන්නේ මහත් සිත් වේදනාවකි. බුදු දහම මතම ගොඩනැගුණු සංස්කෘතියක් ඇති රටක භික්ෂූන් වහන්සේලා තම ගෞරවය පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුය. රජයට යමක් දැනුම් දෙන්නට අවශ්‍ය නම් එය සිදු කිරීමේ දී භික්ෂුත්වය අපකීර්තියට පත් නොකල යුතුය. පෙළපාලියේ ආවේගයෙන් කෑ ගසන තමා වීරයෙක් යැයි සිතමින් දෑත් දෙපා විසිකරන අප දෙස බලාසිටින්නේ සැදැහැති බෞද්ධ ජනතාව බවත් අමතක කළ යුතු නොවේ. මොණරා අලංකාර ලෙස පිල් විදහා නටන මුත් අනෙක් පසින් නිරුවතම ප‍්‍රදර්ශවය කරයි. පසුගිය දිනක චීවර දරා ගත් එක්තරා භික්ෂු පිරිසක් අරලිය ගහ මන්දිරයට පෙලපාලියෙන් යනු දක්නට ලැබුණි. උන්වහන්සේලා විසින් පවසන ලද සටන් පාඨ හා අසභ්‍ය වචන දෙස බලන විට අපට එක් අතකින් හැගී යන්නේ භික්ෂු සාසනය විනාශකිරීමේ මහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වනවාද යන්නයි. ගිහි පිරිසටත් වඩා අන්ත අශෝභන අයුරින් සිවුර දරාගත් මෙම පිරිස  හැසිරුණු ආකාරය දෙස බලන  ඕනෑම කෙනෙකුට ඇතිවන්නේ මහත් පිළිකුලකි. බුදුන් වහන්සේ උගන්වා වදාල ප‍්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරන්නට සිවුර දරා ගන්නා භික්ෂුව තමන්ට අයත් නැති අනුන්ගේ ක‍්‍රියාවන්වලට උල්පන්දම් දෙන්නට ගොස් රජය පෙරලීමේ දේශපාලන අතකොලූ බවට පත්ව ඇද්දැයි සැකයක් ඇතිවෙයි.

බෞද්ධ මහා ජනතාව භික්ෂූන් වහන්සේ නමක් දානයක් සදහා වඩම්මවන්නේ පා ෙදා්වනය කර පාවාඩ දමා සුදු පිරුවට දමන ලද ආසන පිළියෙල කර ෙදා්ත් මුදුන් බැද වැඳ නමස්කාර කරමිනි. එසේ කරද්දී බුද්ධ චීවරයම දරාගෙන තවත් කොටසක් විවධ වෙනත් බලාපොරොත්තු සහිතව කරගෙන යන ක‍්‍රියා කලාපය දෙස බලන විට තව කොපමණ කල් මෙම ශාසනය පවතීද යන්න ගැනද සැකයක් ඇතිවෙයි. මෙහි වඩාත් බරපතල පැතිකඩයන්ද නැත්තේ නොවේ. භික්ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම තුලින් කලකිරෙන බොදු පිරිස් පන්සලෙන් ඇත් වීම නිරායාසයෙන්ම සිදු වෙයි. එයින් ප‍්‍රයෝජන ගන්නේ බොදු ජනතාව බිලී බා ගැනීමට බලා සිටින මූලධර්මවාදී අන්‍යාගමික පිරිස්ය. ඔවුනට භික්ෂූන් වහන්සේලා ගැන කියන්නට දෙයක් තිබේ. භික්ෂුන් ගැන කලකිරවන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දී තිබෙන්නේ භික්ෂුන් විසින්මය. මෙයින් වඩාත් අපහසුතාවයට පත් වන්නේ නිවැරදි පිළිවෙත් මග අනුව යන සිල්වතුන් වහන්සේලාය. මේ යන මග යාම අනාගතයට සුභ දායක නොවන බව යන්තම් හය හතර තේරෙන දරුවකුට වුවද වටහා ගත හැකි නමුත් මුලා බවින් අන්ධව හැසිරෙන කාසාව කණ්ඨක වර්ගයේ භික්ෂුන් වහන්සේලාට තේරුම් ගැනීමට බැරි වීම අභාග්‍යයකි.

විශ්ව විiාල භික්ෂූ පිරිස් ගැන කතා කරන විට මේ තත්වය වඩාත් ශෝචනීයය. සමහර භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම ගිහියන්ටද වඩා අන්තය. සමහරුන් වහලවල් උඩ නැග උපවාස කරති. ගිහි භවතුන් වන්දනාමාන කරමින් ගෙවල්වලට වඩමවා දන් දෙද්දී සිවුරු හැද සමහරු වේදිකාමත පුටුමත හිඳගෙන දේශපාලනය කරන ඇතැමුන්ගේ කතා අසන්නට බිම ලැග ගනිති. මහ පාරවල් වල හිඳ ගනිති. අසභ්‍ය අයුරින් භික්ෂුවකට ලබා ගිහයෙකුටවත් නොගැලපෙන ආකාරයේ විකෘති කාමයේ යෙදෙති. සමහර විට ඔවුන් හැසිරෙන්නේ මත්ද්‍රව්‍ය පානය කළ අම ලෙසටද යන්න සැකයක් ඇතිවේ. මෙවන් භික්ෂුත්වයට නොගැලපෙන දර්ශන බිහි කරන්නට මුල් වන භික්ෂුන් විශ්ව විiාල තුල සිටින කාලයේම සිවුරු හැර යති. එක් අතකින් එය සතුටට කරුණකි. චීවරය තුල රැුදී සිටිමින් නිගා කරනවාට වඩා එය අත්හැර යාම හොඳය. එහෙත් උරුලෑවා ගිය පාරත් දුගඳ යයි පවසන්නා සේ ඔවුන් විසින් කල නින්දාව මකන්නට බෝධි පූජාවට පිරිතට නොහැකිය. එවන් වගකීම් රහිත භික්ෂු පිරිස් ඇති කල වැරදි චිත‍්‍රය බොදු හදවත් තුලින් නැති කිරීම පහසු කාර්යක් නොවේ. මේ සියලූ කි‍්‍රයාවන් වල අනිටු ඵලය අත්විඳින්නට සිදු වන්නේ දිවි හිමියෙන් චීවරය දරන ගුණවත් මහ සඟනටය. චීවරය නිසා භික්ෂූන්ට ලැබෙන වරප‍්‍රසාද භුක්ති විදිමින් මොවුන් සිදු කරන්නෙ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමකටත් ශාසනික ගරුත්වය රුකගන්නට ඉඩ ඇහිරීමයි.
පරිහානිය සියැසින් දැකීම තරම්  වේදනාවක් තවත් තිබිිය නොහැකිය. වරක් බුදු රදුන් පවා ආනන්ද තෙරුනට පවසන්නේ වර්ථමාන භික්ෂුන් තමනට සංවේගයක් ගෙනෙන බවය. අතීතයේ බුදු රදුන්ගේ කාලයේ පවා දුසිල් මහණුන් සිටි බව සත්‍යකි. දේවදත්ත යනු එවැන්නන්ට උදාහරණයකි. එහෙත් සිදුවන පරිහානිය දැක දැක නිහඩ වීම බැමිණිතියා සාගතය වැනි අවස්ථාවල පවා දිවි නොතකා සසුන රැුක ගත් මහා යතිවරුනට කරන අගෞරවයකි. එනිසා මෙම සටහන කරන්නේ ජනපි‍්‍රය වීමේ අරමුණින් නොවේ. අතීත භික්ෂු සාසනය සිහිපත් වන විට දැනෙන සත්‍යම වූ වේදනාවෙනි. මේ අවාසනාවන්ත තත්වයෙන් මුදාගෙන යමක් කලහැකි කිසිවෙක් අද දකින්නට නැත. මහා නායක හිමිවරුනට අවම වශයෙන් ග‍්‍රාමසේවක වරයෙකුගේ බලයවත් නැති තත්වයට පත් වී ඇත. මෙසේ අවිනීත ලෙස හැසිරෙන භික්ෂූන්ට යම් විනය කී‍්‍රයාමාර්ගයක් ගන්නට කිසිදු නිකායික මහ තෙරවරයෙකුට බලයක්  නැත. හැම විටම දකින්නට ලැබෙන්නේ අරාජිකත්වයකි. ලොව බුදු සසුන පවතින අනෙක් රටවල් වල නායකත්වයන් අකුරටම කි‍්‍රයාත්මක වනු අප දැක ඇත්තෙමු. වැඩිහිටි මහා සංඝයා බාල පරපුර වෙත කරන යහපත් බලපෑම නිසා හිතුමතේ කි‍්‍රයා කිරීමට කිසිවෙකුටත් නොහැකිය. අප රටේද ක‍්‍රියාත්මක විය යුත්තේ නමට පමණක් නොවන බලතල සහිත භික්ෂු නායකත්වයකි. කිසිදු බලයක් නැති අධිකරණ නායකකම් බල ගැන්විය යුතුය. රටේ නීති පද්ධතියට සමගාමීව යන භික්ෂුන්ටම වෙන් වූ විධිමත් නීති රීති පද්ධතියක් කි‍්‍රයාත්මක විය යුතුය. විශ්ව විiාල භික්ෂු පිරිස් වලට සෘජු නියෝග නිකුත් කලහැකි තත්වයක් ඉදිරියේ භික්ෂු සංස්ථාව තුල ඇති විය යුතුය. මෙවැනි ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමට නම් මහා නායකස්වාමින් වහන්සේලාද කි‍්‍රයාත්මක විය යුතුය. එහෙත් ගැටළුව වන්නේ ඇතැම් මහා නායක හිමිවරුන්ද කටයුතු කරන්නේ කුමන හෝ පක්ෂයකට පක්ෂව වීමයි. රටේ පාලකයාට හෝ නීතියට අනුගත වන්න යයි බුදු රදුන් භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරා ඇති නමුත් එහි ගැති වන්න යයි දේශනා කර නැත. රට පාලනය කරන අයට උපදෙස් දී ඔවුනගේ වැරදි මග හරවා ඔවුන් හරහා සාසන පරිහානිය අවම කර ගැනීමට කටයුතු කිරීමක් පෙනෙන තෙක් මානයකවත් නැත .

අශෝක රජ සමයේ මිසදිටුවන් ලාභ ප‍්‍රයෝජන බලාපොරොත්තුවෙන් සසුනට ඇතුලත් වු බව සදහන් වේ. සිල්වත්.  භික්ෂුන්ට විනය කර්ම කිරීමටවත් නොහැකි වීම නිසා 60000 පමණ තීර්ථකයන් සසුනෙන් නෙරපා හැරීමට අශෝක රජුට සිදු විය. එවන් යමක් කරන්නට සමත් කිසිවෙක් අද නොවීම අවාසනාවකි. නායකත්වයක් නොමැතිවීම නිසා පැවිද්දන් අයාලේ යති. තම තමන්ට කැමති පරිදි කටයුතු කරති. එනිසා මේ සඳහා වහ වහා පිළියම් යොදන්නට කිසියම් ක‍්‍රමයක් හෝ හැකියාවක් ඇත්නම් 2600 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපට සිදුකල හැකි ඉහළම බුද්ධ ගෞරවය වනවාට කිසිදු සැකයක් නැත. එසේ නොවුනහොත් මුනිවත රකිමින්  ඕනෑම දෙයකට ඉඩ දෙමින් මහානායක හිමිවරුන් බලාසිටිද්දි භික්ෂූ සාසනය තව තවත් අන්ත පරිහානිය කරා ගමන් කිරිීම වැලැක්විය නොහැකිය.. බුද්ධ ශාසන ඇමති තනතුර අමාත්‍ය ධුරයකට පමණක් සීමා වී ඇත. එක් එක් අය තමන්ට  අවශ්‍ය ආකාරයට ධර්මය විකෘති කරමින් ගෞතම බුදුන්ට වඩා මෛත‍්‍රී බෝසතුන් උසස් කරමින් කපු කම් කරති. කණ්ඩායමක් සාදාගෙන සෑම මැතිවරණයට ඉදිරිපත් වන හොඳින් හෝ නරකින් ප‍්‍රසිද්ධිය අපේක්ෂා කරණ ගෙවල් වල ජීවත් වෙන තවත් නිගණ්ඨයින් පිරිසක්ද සිවුරු දරාගෙන චීවරයට නිගා කරති. මෙවන් පුද්ගලයන් මුදල් ඉපයීම සඳහා ගිහියන්ද නොකරණ මගඩිකම් කරන්නේ චීවරයට මුවාවී ගෙනයි. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගරුකම් කරමින් වෙළඳ දැන්වීම් පල කරමින් කටයුතු කරණ පුද්ගලයන් පසුපස යන්නනටද මෝඩ මිනිසුන් කටයුතු කරණු දක්නට ලැබීමද සාසන විනාශයට රුකුල් දෙන්නකි.  කරුණාවෙන් මෛත‍්‍රියෙන් සපුරාම බැහැර වී විවිධ භික්ෂූත්වයට නොගැලපෙන දේ කරණ පිරිස දිනෙන් දින වැඩි වන ආකාරය දෙස බලන විට පැහිදිලි වන්නේ ඔවුන් සිවුර දරාගෙන සිටියත් සියළුම භෞතික සම්පත් වෙනුවෙන්  ඕනෑම පහත් ක‍්‍රීයාවක් කරන්නට මැලි නොවන ආකාරයයි.

මේ නැසෙන්නේ වසර දහස් ගණනක් පැවතුණු භික්ෂු සාසනයයි. රජවරුන් රුධිරය හලා රුක ගත්, යතිවරුන් දස දුක් විඳිමින් අරක්ෂා කළ, ලක් මව්ගේ සුජාත පුතුන් දිවිපුදා රැුකගත් සාසනයයි. ඒනිසා කල් යල් බලා නොසිට මේ අවාසනාවන්ත තත්වයෙන් භික්ෂු සාසනය බේරා ගැනීම සදහා ගිහි පැවිදි වගකිවයුතු හැමගේ අවධානය මේ කරුණ වෙනුවෙන් යොමු වේ යයි බලාපොරොත්තු වෙමි.


පරවාහැර චන්දරතන හිමි – ප‍්‍රංශය




lunedì 9 gennaio 2012

අහෝ දෙව්දත් නොදිටි මොක්‌පුර!

බිම්බිසාර රජුන් ඔවුන්ගේම පුත් අජාසත් රජුගේ වධහිංසාවලට ගොදුරුව මිය යැමේ පුවත ලැව්ගින්නක්‌ සේ රජගහ නුවර පුරා පැතිර යමින් තිබිණි. නුවර වැසියෝ මහත් සොවින් රජ මැදුර ඉදිරිපිට අංගනයට රැස්‌වූහ. ඈත ගම් දනව්වල ජනයා ද දුක්‌බරව නුවර වෙත ඇදෙමින් සිටියහ. බොහෝ දෙනෙක්‌ මාලිsගාව තුළ සිදුවූ කිසිවක්‌ නොදත්හ. රජතුමා සිය පුත් අජාසත් කුමරුට සිහසුන පවරා විවේකීව සිටින්ට ඇතැයි සමහරු සිතූහ. එහෙත් ඒ වන විට මාලිsගාව තුළ සිර වූ රහස්‌ ද පිටතට ඇදෙමින් තිබිණි. පුතකුගේ වධයට පියකු පත්වීම බොහෝ දෙනකුගේ සංවේගයට මෙන්ම කෝපයටද හේතු විය. එහෙත් ඒ සා දරුණු විපත් වැලකට බිම්බිසාර රජුන් ගොදුරු වීමේ සැබෑ හේතුව දෙව්දත් හාමුදුරුවන් බව කිසිවෙක්‌ නොදත්හ.

දෙව්දතුන් විසින් නොමග යවන ලද අජාසත් රජතුමා ද ඒ වන විට බෙහෙවින් කනස්‌සල්ලට ද ශෝකයට ද පත්ව සිටියේය. ඔහු තුළ බියක්‌ද විය. තම සමීප නෑයකු වන පසේනදී කොසොල් රජු මෙහිදී කුමන ප්‍රතිචාරයක්‌ දක්‌වනු ඇද්ද යන භීතිය ඔහු තුළ වැඩෙමින් තිබිණි. තම පිය රජුන් නිරන්තරවම අසල්වැසි රාජ්‍ය සමඟ සහයෝගීව කටයුතු කරමින් ඔවුන්ගේ සිත් දිනාගත් අයුරු ද හෙතෙම සිහි කළේය. සිය මෑණියන් වන කෝසල දේවිය මතු දිනෙක සියලු රහස්‌ අනාවරණය කළහොත් තමන් පත්විය හැකි අනතුර පිළිබඳව ද එවේලේ ඔහුට සිහි විය.

මෑණියන්ගේ දුක්‌බර විලාප ඔහුගේ දෙසවන් වටා රැව්දෙන්ට විය.

අහෝ පුතණුවනි, නුඹේ පියා නුඹට මොනතරම් ආදරය කළාද? නුඹ මගේ කුස පිළිසිඳ ගත් දිනවල නිමිතිකරුවන් විසින් කරන ලද සියලු අනතුරු හැඟවීම් නුඹගේ පිය රජු ප්‍රතික්‍ෂේප කළ අයුරු මට මතකයි. අද නුඹ අසලම සිsටින පුරෝහිතයෙක්‌ මට කීවේ ගැබ විනාශ කර නුඹගේ උපත වළක්‌වන ලෙසය. මට එබඳු නපුරු සිතක්‌ නොවීම ස්‌වාභාවිකය. ඒ මා මවක්‌ හෙයිනි. එහෙත් නුඹගේ පිය මහ රජුන් අසිපත රැගෙන එසේ මට යෝජනා කළ අය මරන්ට පැන ආ ම වග නුඹ දන්නෙහිද? තවද නුඹ කුස සිටියදී මට ඇති වු ලේ පවස පිළිබඳ දොළ පසිදලන්ට පියාණන් උරය පලා ලේ දුන් අයුරු නුඹ දන්නෙහිද? වරක්‌ නුඹ ඉතා ළදරු වියෙහි නුඹ අතැඟිල්ලක වූ සැරවා ගෙඩියක්‌ නුඹට වේදනා දෙන අයුරු දුටු නුඹ පියාණන් ඒ
 ඇඟිල්ල මුව තුළ රුවා සැරව උරා බිව් අයුරු නුඹ දන්නෙහිද? අහෝ පුතණුවනි එවන් පිතු සෙනෙහසක්‌ මෙදියත මම නම් නොදුටුවෙමි. ඒ මහඟු ගුණ කිසිවක්‌ නොතකා නුඹ විස බස්‌ ගෙන මෙබඳු විපතක්‌ කරන්ට කෙසේ ළදැඩියකු වූවෙහිද?

අජාසත් රජතුමා විකල් සිහියෙන් මෙන් ඒ මේ අත සක්‌මන් කරන්ට විය. ඔහුගේ විලාසය දුටු අග බිසව ද මහත් සේ කම්පාවට ද බියට ද පත් වූවාය.

"දැන් සියලු විනාශයන් සිදුවී අහවරයි. ඇතුන් දහසක්‌ යොදා හෝ ඒ කිසිවක්‌ ආපසු ඇද්ද විය නොහැකියි. දේවිය මට කිසිදු අස්‌වැසිල්ලක්‌ නෑ. මගේ මෑණියන් මට කිසිම සමාවක්‌ නොදෙන වග ඒකාන්තයි. සත්තකින්ම මා දවසින් දවස අඳුරින් අඳුරට ගියා. මා ආලෝකය යෑයි සිතා ගත්තේ කදො
පැනියකුගේ එළියටයි. මටම හිතාගන්ට බෑ මේ තරම් මා නපුරු වූයේ කෙසේද කියා. බලය යනු ඒ සා බිහිසුණු දෙයක්‌ බව මට දැන් වැටහෙනවා. එදා මගේ දැස අන්ධ කළ මායා බලය මට පැහැදිලියි. අහෝ පියාණනි මා මෙලොවට රැගෙන ඒමේ ශාපයට නොවේද ඔබ ගෙවූ ජීවිත වන්දිය. මා කුමක්‌ද මගේ මයිලනුවන් වන කොසොල් රජුට කියන්නේ. එතුමන්ගේ නැඟණියට මානසිකව වධ දුන් බවද? කෙසේද මා ජනතාව ඉදිරිපිට යුක්‌තිය ගැන විමසන්නේ. මගේම මාලිගාවේ ඒ යුක්‌තියටඉඩ නොවූ බව මගේ හෘදය සාක්‍ෂිය දන්නවා."

අජාසත් රජු පාපොච්චාරණය විලාසයෙන් නගන විලාපය අග බිසවගේ මෙන්ම එහි සිටි ඇමැතිවරුන් කීපදෙනාගේද කම්පාවට හේතු විය. දෙව්දතුන්ගේ මෙහෙයීමෙන් සිය රජතුමා දුමගක යන බව දැක දැකත් තමන්ට නිහඬව සිටීමට සිදුවීම පිළිබඳවද ඔව්හු දුක්‌ වූහ. එහෙත් දැඩි අධිෂ්ඨාන සිතින් ඔව්හු මෙසේ රජතුමා අස්‌වසාලීමට වෙර දැරූහ

ඔබතුමන්ගේ දුක, වේදනාව අපට පැහැදිලියි. ඒත් එකල ඔබතුමන්ගේ මනස ක්‍රියා කළේ පිය රජුන් පිළිබඳ දැඩි වෛරයකින්. ඔබතුමාගේ සිතට වද දුන්නේ සිහසුන හා රජ කිරුළ පමණයි. එය උදුරා ගත හැකිය යන අනිසි බියකින් ඔබතුමා පීඩා වින්දා. ඒත් අපට ඒ බව පෙන්වාදීමට තරම් ශක්‌තියක්‌ තිබුණෙත් නෑ. එබඳු යෝජනාවක්‌ කරන කවරකු වුවත් ෙද්‍රd
හියකු ලෙස සිතීමට ඔබතුමා සාහසික වී සිsටියා. දැන් අපිමෙයින් නිදහස්‌ වන මගක්‌ සොයමු. අපට බුදු සරණ විනා අන් සරණක්‌ නෑ. මේ සියලු දේ බුදුන් වහන්සේ දිවැසින්ම දැක ඇතුවාට සැකයක්‌ නෑ.

අජාසත් රජුගේ සිත ඒ වදන් දැඩිව ග්‍රහණය කර ගත්තේය. එහෙත් තමන්ට බුදුන් වහන්සේ වෙතට කෙසේ යා හැකිද යන දෙගිඩියාවක්‌ද ඔහු තුළ විය.

"ඇත්තටම මට බුදුන් වහන්සේ කීපවරක්‌ම පණිවිඩ එවා තිබුණා. ඡේතවනාරාමයට එන ලෙස. දෙව්දතුන්ගේ හිත රිදේවි යන බියෙන් මා නිශ්ශබ්දව සිටියා. වරක්‌ දෙව්දත් හාමුදුරුවන් මට ආයාචනයක්‌ කළා බුදුන් වහන්සේට හා සංඝයා වහන්සේට පිණ්‌ඩපාත දීම තහනම් කරන ලෙසත්, ඒත් මට එබඳු පියවරක්‌ ගැනීමට ශක්‌තියක්‌ නොතිබීම අද වාසනාවක්‌ බවයි මට හිතෙන්නේ.

අජාසත් රජු මැදිවී සිටි මානසික ව්‍යාකූලත්වය පිළිබඳව ඇමැතිවරුන්ට තවත් විස්‌තර වුවමනා නොවීය. මේ සියලු විනාශය දෙව්දතුන්ගේ වරද නිසා සිදුවූ බවද ඔවුන්ට පසක්‌ විය.

බිම්බිසාර රජුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද සිදු විය. පසේනදි කොසොල් රජු ඒ අවමඟුල් උළෙලෙහි ප්‍රමුඛයා විය. බුදුන් වහන්සේ දහසකට නොඅඩු රහතන් වහන්සේලා ද සමඟ ආදාහන උළෙලට වැඩම කළහ. දහස්‌ ගණන් ජනතාව ද සිය අසාමාන්‍ය නායකයාණන්ට ගෞරව කිරීමට රැස්‌ වූහ. බිම්බිසාර රජුගේ තවත් පුත්‍රයකු වූ අභය කුමරුන්ගේ සිත ඒ සිදුවීම් නිසා මහත් සේ කලකිරී තිබිණි. ඔහු කල්පනා කළේ මේ සියලු බල අරගලවලින් ඈත් වන මගක්‌ පිළිබඳවය.

මේ අතර අජාසත් රජුගේ සිතට ද මඳ හෝ අස්‌වැසිල්ලක්‌ නොවීය. ඔහු රාත්‍රිය ගත කළේ නිදිවර්ජිතවය. ආහාර රුචියද, රාජ සභාවට යාම් ඊම්ද අඩු විය. රජුගේ මේ වෙනස අගබිසවගේ සංවේගයට හේතු විය. ඕ ඇමැති මණ්‌ඩලය සමඟ ඒ පිළිබඳව සාකච්ඡාවක්‌ද කළාය. ඇමැතිවරයෙක්‌ යෝජනා කළේ ජීවක වෛද්‍යවරයා කැඳවා රජුට ප්‍රතිකාරයක්‌ ලබාදිය යුතු බවය. බිසවද එය අනුමත කළාය.

ජීවක වෛද්‍යවරයා අජාසත් රජුගේ ශ්‍රී යහන් ගබඩාවටම ගොස්‌ ඔහු පරීක්‍ෂා කළේය. රජුට කිසිදු කායික ආබාධයක්‌ නැති බවද ඔහු තිරසාරව කීවේය. එහෙත් ඇමැතිවරු ඔහුගේ අදහස නොපිළිගත්හ.

"රජතුමාට තිබෙන්නේ තදබල මානසික ව්‍යාධියක්‌. එය මා වැනි කායික වෛද්‍යවරයකුට සුව කිරීම දුෂ්කරයි. ඒ සඳහා ඔසු නියම කිරීමටත් මට බැහැ. මගේ අදහස නම් එයට පිළියම් දන්නා එකම එක වෛද්‍යවරයායි. මේ විශ්වයේම සිටින්නේ. මා යෝජනා කරන්නේ රෝගියාට ඒ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාදීමටයි.

ඒ ඇසූ ඇමැතිවරු තවත් විස්‌මයට පත් වූහ. ඔව්හු කියා සිටියෝ මේ නුවර හෝ අවට ජීවක වෛද්‍යවරයාණන් අභිබවා යන අයෙක්‌ සිටිත්දැයි නොදත් බවය. එවිට ජීවකයෝ බුදුන් වහන්සේ පිළිබඳ ඔවුන්ට කීහ.

ඇමැතිවරුනි, මෙලොව සියලු සත්ත්වයන්ට පැමිණෙන විවිධ කායික ව්‍යාධීන්ට නිසි ඖෂධ වෙයි. එහෙත් මානසික ව්‍යාධි යනු එබඳු ඖෂධවලින් සුවපත් කළ නොහැකි බිහිසුණු දෙයකි. එයට දුලබ දිව ඔසු සාදා දී සුවපත් කළ හැක්‌කේ තුන් ලෝ නායක බුදුවරයකුට පමණි. ඉදින් අප නුවර එබඳු බුදුවරයෙක්‌ වැඩ සිටියදී කුමක්‌ නිසා මා වෙහෙස කරන්නෙහිද?

අජාසත් රජතුමා එවේලෙහි මෙසේ සිතන්නට විය.

මට කෙසේවත් බුදුන් ඉදිරියට යා නොහැක්‌කේය. දෙව්දතුන් විසින් කරන ලද සියලු කුමන්ත්‍රණ සඳහා මගේ අනුබල, අනුග්‍රහ ලද අයුරු බුදුහු ඉදුරා දනිති. බුදුන් විද මැරීමට දුනුවායන් යවන ලද්දේත් මගේ නියෝගයෙන්ය. පසුව නාලාගිරි මදැ'තා යවන ලද්දේත් මා දැනුවත්ව ය. ඒ සා විපත් වැලක්‌ සැදූ අයෙක්‌ වූ මම උන්වහන්සේ අබියසට කෙසේ යන්නෙම්ද? ගියත් බුදුන්ගේ මුහුණ බලා පිහිටක්‌ අයෑදිය හැකිද?

ජීවකයන්ට අජාසත් රජුගේ සිතැඟි වැටහිණි. හේ යළි ඔහු අමතා සිත දිරිමත් කළේය.

රජතුමනි බුදුහු නම් සියලු මිනිසුන්ට පමණක්‌ නොව දෙව් බඹුන්ටද වඩා උතුම් වූද, අසම සම කාරුණික වූද ශේ්‍රෂ්ඨ උත්තමයෙක්‌ වෙති. තමන් වෙත පැමිණි කිසිවෙකුට බුදුහු සරණ නොවී නොසිටින්නාහුය. එසේම ඔබගේ පිය රජුන් හා බුදුන් වහන්සේ අතර දිගු කාලීන මිත්‍ර ධර්මයක්‌ද විය. ඔබ පියාණෝ බුදු සසුනෙහි අග්‍ර මහා දායකයණෝ වී සිටියහ. ඔබ පියාණන් මියයද්දී හැට අට වන වියෙහි පසු විය. ඉන් වසර පනහකට වැඩි කලක්‌ ඔබ පියාණෝ බෞද්ධ උපාසකයෙක්‌ සේ විසූහ. මේ සියලු තතු නිසාම ඔබට අමුතු විශේෂයක්‌ නොකළත් එයින් තහවුරු වන්නේ ඔබට පියාණන් සදිසිව බුදුන් වහන්සේ දෙසද බැලිය හැකි බවය. සිත එකඟ කර ගෙන නොපමාව බුදුන් වහන්සේ වෙත යනු මැනවි.

ඒ ඇසූ අජාසත් රජු බුදුන් වහන්සේ බැහැ දැකීමට සිත එකඟ කර ගත්තේය. ඉක්‌බිති අජාසත් රජතුමා අගබිසව හා ආරක්‍ෂක පිරිවරද සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට පිටත් විය. ජීවක වෛද්‍යවරයා ද ඔවුන් සමග විය. බුදුහු ඒ දිනවල වැඩ සිටියෝ ඡේතවනාරාමයෙන් බාහිර ජීවක අඹවනයෙහිය. ඒ පසළොස්‌වක පොහෝ දිනයකි. සඳඑළිය ගලා යයි. තුරු හිස්‌ මුදුන් රිදී පැහැයෙන් දිලෙයි. රෑහි හඬක්‌ හෝ නොවූ රාත්‍රියෙහි බිම දිගට ඇදුණු තුරු සෙවණැලි මතින් ඔව්හු ගමන් කරමින් සිටියහ. ශාන්තව ගලා බසින දිය දහරාවක හඬ සුළඟින් ගෙන එයි. කිසිවෙක්‌ කතා නොකළහ. ඒ නිශ්චලත්වය බිඳී යා හැකි යෑයි හැඟුණු හෙයින් විය හැකිය. අජාසත් රජු මතක ඇති අවදියක මෙවන් මානසික සුවයක්‌ විඳ නැත.

බුදුන් වන්සේ සංඝයා වහන්සේ ද පිරිවරා ගෙන උස්‌ මණ්‌ඩපයක වැඩ සිටින අයුරු පළමුව දුටුවේ ජීවක වෛද්‍යවරයා ය. ඔහු සුරතින් සියුම් සංඥවක්‌ කර අජාසත්ත රජුගේ සිත ඒ දෙසට යොමු කළේය. තවත් සුළු වේලාවක්‌ ගෙවූ ඔව්හු දම් සභා මණ්‌ඩපය අසලටම පැමිණියහ. තමා කලකට පෙර සිය රජුන් සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය අයුරු ඔහුට සිහිපත් විය. ඒ කුමර වියෙහිය. බුදුන් වහන්සේ දෙස මහත් ගෞරවයකින් හා භක්‌තියකින් බලා සිටි රජු එතැන් සිට බිම දණ ගසා උන්වහන්සේට නමස්‌කාර කළේය. සෙසු පිරිසද ඒ අනුව බුදුන් වැන්දාහ.

"අජාසත් රජතුමනි, දිගු කලකින් ඔබ මා අබියසට පැමිණියේ. ඔබට ශාන්තියක්‌ සුවයක්‌ ලබා ගැනීමට ඔබ මා වෙත එන බව මා දැන සිටියා. ඔබගේ සතුට හා මානසික ඒකාග්‍රතාව බිඳී ගිය බව දැන් ඔබටම පෙනී යනවා ඇති. සතුට සුඛයක්‌ වන්නේ එය සිතට දැනෙන විටයි. ඒ සඳහා සිත සකස්‌ කර ගත යුතුයි. ද්වේෂය, රාගය, මෝහය දුරු කළ කෙනෙක්‌ ලබන සතුට අප්‍රමාණ වින්දනයක්‌. සිත එකඟ කර ගත හැකි සරල භාවනා ක්‍රම ගිහිව සිටත් ප්‍රගුණ කළ හැකියි. සිහිය, සමාධිය සිත මුදු මොළොක්‌ බවට පමුණුවනවා.

අජාසත් රජුගේ සිත ඇවිලෙමින් තිබුණු ගිනි නිවී යන්ට විය. ඔවුන්ගේ දෑස්‌ අබියස මැවුණුq නපුරු රූප මැකීයන්ට විය. දෙසවන් තුළ පිළිරැව් දුන් බියකරු හඬ නෑසී යන්ට විය. සියලු කායික හා මානසික ව්‍යාධීන් පහව යන අයුරු ඔහුට දැනෙමින් තිබිණි. හේ මොහොතක්‌ දෑස්‌ පියාගත්තේය. කොපමණ වේලාවක්‌ ඒ අයුරින් සිටියේ දැයි ඔහුට මතක නැත. ජීවකට දැනුණේ ද මහත් සහනයකි. බුදුහු යළි කාරුණිකව ඔවුන් ඇමතූහ. අනතුරුව තෙරුවන් සරණගිය උපාසකයකු බවට පත් වූ අජාසත් රජතුමා යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. බිසව හා පිරිසද ඒ අයුරින්ම බුදුන් වැඳ තෙරුවන් සරණ ගියහ. මේ අතර දෙව්දත් හාමුදුරුවන්ටද අජාසත් රජුන් පිළිබඳ සියලු තොරතුරු ආරංචි වි තිබිණි. බිම්බිසාර රජුගේ අභාවයෙන් පසු දෙව්දතුන්ගේ භික්‍ෂුන්ටද මහජනයාගෙන් ලැබුණු ප්‍රතිචාර යහපත් නොවීය. දවසින් දවස දෙව්දතුන්ගේ භික්‍ෂුන්ට ලැබෙන ලාභ සත්කාර ද පිරිහෙමින් තිබුණි. නුවර පිඬු සිඟා ගිය ඇතැම් භික්‍ෂූන්ට මහජනයා දොස්‌ නගන්නටද වූහ. තවත් කෙනෙක්‌ ඔවුන්ට දන්දීම තහනම් කළ යුතු යෑයිද කීහ. සමහරු එසේ කළහ. දෙව්දතුන්ගේ ප්‍රබල අනුගාමිකයන් බවට ප්තව සිටි කෝකාලික, කටමෝරතිස්‌ස, සමුද්දදත්ත යන භික්‍ෂූහු ඒ පිළිබඳව සාකච්ඡා කළහ. එහෙත් ජනමතය ඔවුන්ට විරුද්ධව නැඟෙමින් තිබිණි. දෙව්දතුන්ගේ සමාගමයෙහි සිටි භික්‍ෂුණීන් අතර ද නොයෙක්‌ ආරවුල් වැඩිණි.

තමන්ට නරක කලක්‌ උදා වෙමින් තිබෙන බව දෙවදත් හාමුqදුරුවන්ට ද හැඟුණි. යළි අජාසත් රජුන් වැනි ප්‍රබල දායකයකු කිසි දිනක හමු නොවන බවද ඔහුට පසක්‌ විය. තමන් විසින් ගන්නා ලද සියලු ක්‍රියාමාර්ග ගඟට ඉනි කැපීමක්‌ බඳු වී ඇති බවද ඔහුට කල්පනා විය. එසේ සිතන දෙව්දතුන් තුළ බියක්‌ද වැඩිණි. ඔවුන්ට දැනුණේ තමන් අසරණව, අනාථව සිටින බවකි.

මෙසේ සති කීපයක්‌ ගෙවී යද්දී තමන් තුළ ශාරීරික දුබලතාවක්‌ වැඩෙන බව දෙව්දත් හාමුදුරුවන්ට පසක්‌ වන්ට ද විය. රාත්‍රි මොහොතක නින්දක්‌ හෝ නොවීය. ඇතැම් දිනක රැය පහන් වනතුරුම සක්‌මන් කරමින් සිටීමටද දෙව්දතුන්ට සිදු විය. තමා සමග සිටි අනුගාමික පිරිස අතුරින් කණ්‌ඩායම් ලෙස ඉවත්ව යන අයුරුද දෙව්දත් හිමියන්ට පෙනුණි. යළි හිස එසැවීමක්‌ නොමැති බව සිතෙන විට ඔවුන්ගේ කයට වඩා සිත දුබල විය. මේ දුබලතාව කොපමණද යත් ඇතැම් දිනක පය පැකිළී හේ බිම වැටුණි. ඔවුන්ට තනිව නැඟී සිටීමට පවා දුෂ්කර විය.

කෝකාලික භික්‍ෂුවට නම් හැඟුණේ දෙව්දතුන්ගේ අවසානය ළඟාවෙමින් තිබෙන බවය. දෙව්දතුන්ගේ විලාසයද කෙමෙන් දුක්‌මුසු විය. ඇතැම් රාත්‍රියක බියට පත්ව අවදිවන දෙව්දත් හාමුදුරුවෝ අසිහියෙන් දොඩවන්ටද වූහ.

දෙව්දතුන් පිළිබඳ ඒ සියලු තොරතුරු ආනන්ද හිමියන්ට ද ලැබිණි. උන්වහන්සේ ඒ තොරතුරු බුදුන් වහන්සේටද සැළ කර සිටියහ. එවිට ආනන්ද හිමියන් ඇමතූ බුදුහු දෙව්දතුන්ගේ ඉරණම පැහැදිලි කළහ දෙව්දතුන්ට ඔවුන් විසින් කරන ලද පාපකර්මයන්ගෙන් ගැලවීමක්‌ නොමැති බවත්, ඒකාන්තයෙන්ම අපාගත වන බවත් බුදහු වදාළහ.

තවත් දින කීපයක්‌ ගත විය. ආනන්ද හිමියන්ට ලැබුණේ අලුත්ම ආරංචියකි. එනම් දෙව්දතුන් ගිලන් ඇඳක තබා ගත් පිරිසක්‌ ඔවුන්ගේ ඉල්ලීම පරිදි බුදුන් වහන්සේ බැහැදැකීමට එන බවය. සැබැවින්ම දෙව්දතුන්ගේ අවසන් ආයාචනය වූයේද බුදුන් වහන්සේ වෙතට ඔවුන් රැගෙන යන ලෙසය. ඒ ඇසූ සියල්ලෝම පළමුව විස්‌මයට පත් වූහ. දෙවනුව එය කිසිසේත් කළ නොහැකි දෙයක්‌ බවද කියා සිටියහ. එහෙත් දෙව්දතුන් එකහඬින්ම කීවේ අන් කිසි පිහිටක්‌ තමාට නොමැති බවය.

බුදුන් වහන්සේ වෙතට යා හැකි මගක්‌ පිළිබඳව දෙව්දත්හු දිවා රෑ මුළුල්ලේම කල්පනා කරන්ට වූහ. අවසානයේදී ඔවුන්ට අජාසත් රජුන් සිහි විය. තමන් නිසා රජුට අත් වූ අපකීර්තිය ගැනද ඔහුට වුයේ දැඩි කනස්‌සල්ලකි. පසුතැවීමෙන් ලැබෙන සැනසීමක්‌ නැත. අන්තිමේදී දෙව්දත් හාමුදුරුවෝ තමන්ට හිතවත් භික්‍ෂුවක්‌ කැඳවා අජාසත් රජුන් හමුවී තමන්ගේ දුක්‌ ගැනවිල්ල පවසා එයට උපකාර කරන ලෙස බැගෑපත් වූහ.

දෙව්දතුන්ගේ විශේෂ නියෝජිත භික්‍ෂුව ද වහාම රජ මැදුරට දිවගොස්‌ දෙව්දතුන් පිළිබඳ සියලු තොරතුරු සැළ කර සිටියේය. ඒ ඇසූ අජාසත් රජු තුළද සංවේගයක්‌ උපන්නේ ය. තමන්ගේ ගෞරවයට පාත්‍රව සිටි දෙව්දතුන්ට යහපතක්‌ සලසා දීමට හැකි නම් එය ඉටු කළ යුතුය යන සිතිවිල්ලද රජුට විය. තමන්
 විසින් අත්පත් කර ගන්නා ලද සහනය දෙව්දතුන්ට ද ලබාගත හැකි යෑයි රජු කල්පනා කළේය. රජු ඒවේලේම තම පුරෝහිත සමගද කතිකා කර දෙව්දතුන්ට ගමන් පහසුව සළසා දෙන ලෙස නියෝගයක්‌ ද කළේය.

ඉක්‌බිති රාජපුරුෂයෝ දෙව්දතුන් සමීපයට ගියහ. එසඳ ඔවුන්ට දැක ගත හැකි වූයේ දැඩිව ගිලන්ව සිටි දෙව්දතුන්ගේ දුක්‌මුසු විලාසයයි. ඔවුන්ගේ සිවුර බෙහෙවින් ඉරී අබලන් වී තිබිණි. මුව දැලි රැවුල වැඩී දෙඇස්‌ ගිලී ගොස්‌ තිබිණි උච්චාරණය ද පැහැදිලි නොවීය. රාජපුරුෂයන්ට පසක්‌ වූයේ දෙව්දතුන් රැගෙන යැමට ගිලන් ඇඳක්‌ වුවමනා බවය. ඔව්හු ආපසු රජ මාළිගාවට ගොස්‌ ඒ සියලු පුවත් ද රජුට දන්වා ගිලන් ඇඳක්‌ද රැගෙන ආපසු පැමිණියහ.

දෙව්දතුන්ට සිරුර වාරු නැති වග දැනුණේ නැඟී සිටීමට වෑයම් කරද්දීය. හේ අමාරුවෙන් නැඟී සිටියත් එකෙනෙහිම බිම ඇද වැටුණි. රාජපුරුෂයෙක්‌ වහා පෙරට පැන ඔවුන්ව අල්ලා ගත්තේය. දෙව්දතුන්ගේ දෑස්‌වල කඳුළු පිරී තිබිණි. මුහුණේ දුක්‌බර විලාසය වඩාත් තීව්‍ර විය. රාජපුරුෂයෝ ඔහු සිSරුවෙන් ගිලන් ඇඳ මත තබාගෙන ගමන ඇරඹූහ.

පුළුවන් ඉක්‌මනට මාව අරගෙන යන්න. මට දැනෙනවා මේ මගේ අවස්‌න මොහොත බව. මේ දෑස්‌ පියවෙන්න කලින් මට බුදුන් වඳින්ට ඕනෑ.

බැස යන හිරුගේ රත් පැහැය බටහිර අහසට එක්‌ කර තිබුණේ
 කිසියම් බියකි. හිරුගේ රක්‌ත වර්ණ දත් විලිස්‌සන රකුසෙක්‌ වැන්න. ගහකොල බියපත්ව නිසොල්මන්ව බලා සිටියහ. ඡේතවනාරාමයට එන මග දෙපස තරමක අඳුරු ස්‌වභාවයක්‌ ද ගෙන තිබුණි. තවමත් අවට පන්දම් දල්වා නොතිබීමද එයට හේතු විය. ඡේතවනාරාමයට පෙරළා දෙව්දතුන් පැමිණෙන්නේය යන ආරංචිය ද පැතිර ගොස්‌ තිබුණි. සමහරු දෙව්දතුන් දැක ගැනීමේ සිsතින්ම ඒ දෙසට ඇදෙමින් සිටියහ. රාජපුරුෂයන්ටද කිසියම් අමුතු චකිතයක්‌ විය. ඒ කුමක්‌ නිසාදැයි ඔවුන්ටද සිතා ගත නොහැකි විය.

දෙව්දතුන් රැගත් රාජපුරුෂයෝ ඡේතවනාරාමයට පිවිසෙන විසල් දොරටුව අබියස නතර වූහ. බුදුන් බැහැ දැකීමට යන සියල්ලෝම මෙතැන් සිට පයින්ම යා යුතු වෙති. රජ, සිටු, ප්‍රභූ යන සියල්ලෝ ද ඒ සිරිත අනුගමනය කරති. දෙව්දත්හු හිස ඔසවා වටපිට බැලූහ. ඔහුට කිසිවක්‌ මතක නැත. ගහකොළ හා අවට ඔහු තුළ ජනිත කළේද බිය මුසු හැඟීමකි. සංඥා කර ඇඳෙන් බැසීමට උදව් වන ලෙස අයෑදීය. විස්‌මයකි. දෙව්දතුන්ට ළං වීමට තබා කිසිවකුට තමන් සිටි තැන්වලින් සෙලවීමටද අපහසු විය. රාජපුරුෂයන්ට දැනුණේද තමන් ගල්වී ඇති සෙයකි. දෙව්දතුන් දැඩි පරිශ්‍රමයකින් නැඟිට්‌ටේය. එය විකල් නැඟිටීමක්‌ වැන්න. සියල්ලන්ම මවිතයට පත් කරමින් දෙව්දතුන් වටා වූ පොළව දෙබෑ විය. ගිනි ජාලා මතුවන්නටද විය. දෙව්දතුන්ගේ නොපැහැදිලි විලාප යට කරමින් මහපොළෙවෙන් මතු වූයේ බියකරු හඬකි. දෙව්දත්හු ඉන් බේරීමට මෙන් වෙර යොදා ඉදිරියට පනින්නට වෑයම් කළහ. එහෙත් ඔහුගේ වෑයම නිෂ්පල විය. අවට මහා ගණඳුරක්‌ පැතිර යමින් තිබිණි. දෙව්දතුන් මහ පොළොව තුළම කෙමෙන් කෙමෙන් ගිලී යමින් සිටියේය. ඔහුගේ සිහිය සිඳිණි. එහෙත් ආයාසයෙන් මෙන් දෑත් එක්‌කළ දෙව්දත්හු කුමක්‌ හෝ කියන්ට වෑයම් කළහ.

එකල්හි පෙර පරිදිම මහා හඬක්‌ නැඟුණි. පොළව පෙර පරිදිම හා වී ගියේය. රැස්‌ව සිටි අයට කිසිවක්‌ සිතාගත නොහැකි විය. හාත්පස එකම ගන අඳුරක ගිලී ගියේය.



ගාමිණී සුමනසේකර 

mercoledì 4 gennaio 2012

විශ්මිත වූ ධර්මයෙන් පිළිසරණ ලබමු

පින්වතුනි,

බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් අපිට ලබන්ට නම්, ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්ට නම්, ඒ ධර්මයේ තිබෙන විශ්මිත බව අපිට තේරෙන්න ඕනැ. මේ ධර්මය විස්මිතයි, අපූරුයි, පුදුමයි, අත්භූතයි කියල අපිට තේරෙනවා නම්, අන්න එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. එයාට අලුත් ජීවිතයක් ඉපදෙනව.

යමෙක් තුළ විශ්මය උපදින්නේ ඊට කලින් නොදුටු දෙයක්, ඊට කලින් නොඇසූ දෙයක්, ඊට කලින් නොදත් දෙයක් දැක්කහම, ඇසුවහම, දැනගත්තහම. එතකොට අපි ධර්මයක් ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා නම්, "මේක හරි විශ්මිත දෙයක්, අපි නොදුටු දෙයක් දැක්කා, අපි නොඇසූ දෙයක් ඇසුවා, අපි නොදත් දෙයක් දැනගත්තා" කියල එයා විශ්මයට පත්වෙනව. එයා තුළ මහත් වූ ප්‍රමුදිත බව, ප්‍රබෝධය හටගන්නව. ඒ මොහොතෙ පටන් එයා ඒ ධර්මය අතහරින්නෙ නෑ. ඇයි එයා සතුටු සිතින් ඒ ධර්මය පිළිගත්ත.


ඒ ආකාරයෙන් ධර්මය පිළිගත්තොත්, එයාගෙ සිත තුළ ඒ ධර්මයට ලොකු ඉඩක් තියෙනව. එතකොට සිත තුළ ධර්මයට ඉඩ කඩ වැඩිවෙන්ට, වැඩිවෙන්ට අකුසලයට ඉඩ කඩ අඩුයි.

සාමාන්‍යයෙන් ධර්මයට හිත තුළ ඉඩ කඩ අඩුයි. එතකොට ඒ හිත තුළ ඉඩ කඩ තියෙන්නෙ අකුසලයට. කාපු දේවල් වේවා, බීපු දේවල් වේවා, ඇඳපු දේවල් වේවා, මේවා කල්පනා කර කර, කාමයන් ගැන හිත හිත ඉන්න ස්වභාවයක් තමයි අපේ හිත් තුළ තිබෙන්නේ. මේ ආදී ස්වභාවයන්ට තමයි හිතේ ගොඩාක් ඉඩ තියෙන්නෙ.
ධර්මයකට තියෙන්නෙ පුංචි ඉඩක්. අපි ඒ ඉඩ පළල් කරගන්න ඕනැ. මේ හිත තුළ වැඩි ඉඩක් ධර්මයට ලබාදෙන්ට ඕනැ. එබඳූ ලොකු ඉඩක් හිත තුළ ධර්මයට ලැබෙන්නේ, ඒ අහන ධර්මය වේවා, කියන ධර්මය ගැන වේවා, මහත් වූ සතුටක් අපි තුළ ඉපදෙනවා නම් පමණයි.



දැන් බලන්න අපේ හිත තුළ කාමයට ලොකු ඉඩක් ආවෙ ඇයි? ඒ කාමයන්ගෙන් සතුටුවුන නිසා නේද? පාරෙ යනකොට ලස්සන රූපයක් දැක්ක නම්, ඒ දැකපු රූපයෙන් සතුටු වුනා නම්, අපේ හිතේ ලොකූ ඉඩක් ඒ රූපය ගැන හිතන්න ඉඩ සලසගන්නව. හිටගෙන ඉන්දැද්දි වේවා, ඉඳගෙන ඉන්නවිට වේවා, නිදාගෙන හෝ ඇවිද ඇවිද හෝ වේවා මේ මුලු හිතම යොදාගෙන ඒ දැකපු එක කල්පනා කර කර ඉන්නව. ඇයි ඒ? ඒකෙන් සතුටු වුනා, පිනා ගියා. ඒ දැකපු දෙයින් සතුටුවෙන්න අපේ හිතේ ලොකු ඉඩක් ඉපදුනා.
එහෙනම් ධර්මය හිතේ පවත්වන්න ඊට වඩා ඉඩක් සලසගන්න ඕනැ. එහෙම වෙන්න නම් ඒ ධර්මයෙන් සතුටුවෙන්න ඕනැ. ඒ ධර්මය හිතේ පවත්වගන්න එතකොට පහසුයි. සතුටු නොවෙනවා නම්, ඒ ධර්මය හිතේ පවත්වගන්න බෑ. එතකොට ඒ සතුටු වෙන්ට පුළුවන් කෙනා, ඒ ධර්මයෙන් මහත් සේ සතුටුවෙනව. එයා විස්මයට පත්වෙනව. අන්න එතැන් පටන් එයා තුළ දියුණුවෙන්නෙ ශ්‍රද්ධාවමයි.



ඉස්සර අපි දේශනා වල අහල තියෙනවා නේද භාග්‍යවතුන් වහන්සේ පිරිස් පිරිවරාගෙන ධර්මය කියාදෙනව කියල. ඒ ධර්මය කියා දීල අවසානයේදී, ඒ පිරිස ප්‍රකාශකරනව, "ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි, නොදත් දෙයක් දැනගත්තා, අඳූරේ හිටි කෙනෙකුට තෙල් පහනක් දල්වල පෙන්නුව වගේ, මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නුවා වගේ" කියල එයාගේ ප්‍රසාදය සතුට ප්‍රකාශකරනව නේද? ඒ දේශනා අපි අහල කියවල තියෙනව නේද? එබඳූ ප්‍රකාශ එන්නෙ ඇයි? ඒ අය තුළින්. ඒක තමයි ඒ අය තුළ ඒ ධර්මය නිසා උපන් සතුට. එහෙම සතුටක් ඉපදුන නිසා තමයි එහෙම ප්‍රකාශ එයා කරන්නෙ. එයා තුළ උපන් විශ්මය ප්‍රකාශ කරනව. ඊලඟට එයා ප්‍රකාශ කරනව, "ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, දිවි හිමියෙන් උපාසක කෙනෙක් විදිහට මා පිළිගන්නා සේක්වා" කියල. එහෙම නැත්නම් "මා පැවිදිකරගන්නා සේක්වා" කියල එයා ශ්‍රාවකත්වයට පැමිණෙනව.


එතකොට ශ්‍රාවකත්වයට පැමිණෙන්න අපිට උදව්වෙන්නෙ මොකක්ද? ඒ ඇසු ධර්මය ගැන සතුටක් අපිට ඉපදෙනව නම්, ඒ සතුට මුල්වෙලා අපිට කැමැත්තක් ඇතිවෙනව අපේ හිතේ ඒ ධර්මයෙන් පිළිසරණ ලබන්න. දැන් කාමයන් දැකල ඒකෙන් සතුටුවෙන්නනෙ කැමතිවෙන්නෙ. ඒකෙන් පිළිසරණක් ලබන්න කැමතිවෙනව නේද? ප්‍රිය රූපයක් දැකල ඒකෙන් සතුටුවෙලා ඒ ගැන හිත හිතා ඉන්නෙ, ඒකෙන් සැනසීමක් ලබන්නම් කියල.

යමෙක් ධර්මය අහල, ධර්මයට පැහැදුනොත්, එයා කැමතිවෙනව ඒ ධර්මයෙන් පිළිසරණක් ලබන්න. අන්න ඒ විදිහට ධර්මයෙන් පිළිසරණක් ලබන්න කැමතිකෙනා ශ්‍රාවකත්වයට එනව. අන්න ඒ විදිහට අපි මේ ධර්මයන් ඉගෙනගන්නකොට අපි තේරුම්ගතයුතුයි. ඒ හැම අවස්ථාවකමදීම ඒ ධර්මයන් කෙරෙහි අපි පැහැදීම උපදවගන්න ගොඩාක් මහන්සිවෙන්න ඕනැ, කල්පනාව උපදවගන්න ඕනැ.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!