දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

venerdì 20 aprile 2012

අසිරිමත් බුදු වදන පිටුදකින කාලීන බණ

බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේලා ඇතුළු අතීත යුගයේ වැඩ විසූ ආර්ය මහා සංඝරත්නය දේශනා කොට වදාළ උතුම් දහම් මඟ වර්තමාන යුගය වන විට "කාලීන බණ" වෙසින් නොයෙක්‌ ආකාරයේ විකෘතීන්ට හසුවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙකල විහාරස්‌ථානයන්හි ධර්ම දේශනා හා වෙනත් ආගමික වැඩසටහන් සඳහා වැඩම කරන සමහර භික්‌ෂුන් වහන්සේලා එක්‌ එක්‌ නම අභිබවා ඉස්‌මතු වනු පිණිස විවිධ අභිනය පාමින් නොයෙක්‌ විහිළු කතා කියමින් ශ්‍රාවක ජනයා තමන් වෙත ආකර්ෂණය කරගැනීම සඳහා වෑයමක යෙදී සිටින ආකාරයක්‌ දැකගත හැකි වෙයි.


බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් දරුවන් වැනි වූ ආර්ය මහා සඟරුවන සතුව තිබිය යුතු තැන්පත් බව, අපිස්‌ ගුණය හා සිල්වත් බව, මෙකල විචිත්‍ර දහම් දෙසුම් පවත්වන ඇතැම් භික්‌ෂුන් වහන්සේලා සතුව නොතිබීම මහ සඟරුවනේ අනාගත පැවැත්මට බරපතළ තර්ජනයක්‌ යෑයි සිතේ.


පූර්වෝක්‌ත හැඟීම අප සිත් තුළ පහළ වූයේ නොයෙක්‌ ආකාරයේ විහිළු තහලු කරමින් කට ඇද කර විකෘති ලෙස වදන් උසුරුවමින් ශ්‍රාවක පිරිස්‌ හිනස්‌සන ආකාරයේ ධර්ම දේශනා (ඒවා ධර්ම දේශනාදැයි විමතියකි) පවත්වන හිමිනමකගේ දෙසුමකට සවන් දීමට පසුගිය දිනක අපට අවස්‌ථාව ලැබුණ හෙයිනි.


කුඩා දරුවන් ඇතුළු හාරසියයකට අධික සැදැහැති බෞද්ධ මෙන්ම අන්‍යාගමික ජනකායක්‌ රැස්‌ව සිටි මෙම ධර්ම දේශනාවට වැඩි ඒ හිමියන් ගැඹුරු ඇරුත්බර පාලි ගාථා පාඨයක්‌ සිය දෙසුම ආරම්භයේදී ඉදිරිපත් කළ හෙයින් වෙනදාට වඩා තැන්පත් දෙසුමකට සවන් දීමට හැකිවේ යෑයි සිතූ සැදැහැති ජනතාවගේ බලාපොරොත්තු සැණෙන් බිඳී ගියේය. පැය දෙකකට ආසන්න කාලයක්‌ උසුළු විසුළුවලින් පිරී පැවැති එම දේශනයේ කිසිදු තැනක එකී පාලි ගාථා පාඨයේ එකදු වදනක්‌ හෝ විවරණය කරනු අසන්නට නොලැබිණ.


බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය පහදා දී බණ අසන්නන් තුළ ධර්ම සංවේගයක්‌ හා සසර පැවැත්ම පිළිබඳ යථාවබෝධයක්‌ ඇති කරවනු වෙනුවට විහිළු කතා කියමින් අනම් මනම් දෙඩවීමට ඇතැම් යතිවරුන් පෙළඹී සිටීම, නූතන ගෝලීයකරණ ප්‍රාසංගික නාඩගමකට බුදු දහම හැසිරවීමට ගන්නා මිසදිටු වෑයමක්‌ද යන සැකය මතුවෙයි.


එබඳු සැකයක්‌ පහළ වන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මයම දේශනා කරමින් එහි අරුත් සරල බසින් පහදා දෙමින් සැදැහැවතුන් තුළ තෙරුවන කෙරෙහි අවෙච්ඡ ප්‍රසාදය ඇති කරවන ධර්මාශ්‍රමයන්ට ගැරහීමටද මේ විහිළු දේශනා උපයෝගී කරගන්නා බව පෙනී යන හෙයිනි. කැලෑබද ප්‍රදේශවල විහාරාරාම ගොඩනැඟිලි ඉදිකිරීම ගැන උපහාසාත්මකව කතා කළ ඒ හිමියෝ එම භාවනා අසපුවල චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කර දීම ගැනද විවේචනය කළහ. අසපුවල පමණක්‌ නොව පන්සල්වලද චතුරාර්ය සත්‍යය පවතින්නේ යෑයි පන්සලේ ධර්ම ශාලා වේදීම දේශනා කළ එහිමියන්ගේ මුවින් චතුස්‌ සත්‍යය තබා එකදු බුදු වදනක්‌ හෝ පිටවූයේ නැත.


"නමෝ බුද්ධාය" යන චිරකාලීන බෞද්ධ ඇමතුම මෑතදී යළිත් බෞද්ධ ජනතාව අතර සම්භාවිතයට පත්කරන ලද්දේ මහමෙව්නා භාවනා ආශ්‍රමයන් (අසපු) මගිනි. එම ඇමතුම විහිළුවට ලක්‌කළ දේශකයාණන් වහන්සේ එය මහමෙව්නාවේ අලුත් මෝස්‌තරයක්‌ ලෙස හැඳින්වූයේ සමච්චලයක නියාවෙනි. තවද එය කිතුනු බැතිමතුන් අමතන "ඡේසු පිහිටයි" යන ආශිර්වාදය සමගද සසැ» එහිමියෝ මුව පසෙකට හරවා වෙනත් ස්‌වරයකින් "කියනව එහෙම නෙවෙයි නමෝ බුද්ධාය කියල" යි ශ්‍රාවක ජනයා හිනස්‌සමින් කියූහ. තවද "පැවසිය යුත්තේ නමෝ බුද්ධාය පමණක්‌ද, එතකොට නමෝ ධම්මාය, නමෝ සංඝාය නැද්ද" යනුවෙනුත් උන්වහන්සේ විමසනු අසන්නට ලැබිණ.


"නමෝ බුද්ධාය" යන දෙවදනේ තේරුම බුදුරජාණන් වහන්සේට නමස්‌කාර වේවා යන්නයි. එය විහිළුවට ලක්‌කළ යුත්තක්‌ද? කිතුනු බැතිමතුන්ගේ ඇමතුම හා සමග එය සැසඳිය හැක්‌කේද? නමෝ බුද්ධාය යන්නෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයත් උන්වහන්සේගේ ළෙහි උපන් දරුවන් වන ශ්‍රාවක මහ සඟරුවනත් අන්තර්ගත වන බව දේශක හිමියන් හිතාමතාම අමතක කළේ මහමෙව්නා අසපු කෙරේ පවත්නා ද්වේෂය නිසා නොවේද? එම දහම් දෙසුමට සවන් දුන් බැතිමතුන් දුටු අරුමය නම් එදින සන්ධ්‍යා භාගයේ දී එම විහාරස්‌ථානයේ අභිනවයෙන් ඉදිකොට විවෘත කරන ලද පිවිසුම් වාහල්කඩ පසෙක පිහිටුවූ සිහිවටන ඵලකය උඩින්ම "නමෝ බුද්ධාය" යන පාඨය සඳහන්ව තිබීමයි.


බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේ සිව්වනක්‌ පිරිස උන්වහන්සේට නමස්‌කාර කළේ "නමෝ බුද්ධාය" යන උතුම් ඇමතුමෙනි. බුදු සසුන ලක්‌දිව පිහිටුවීමෙන් පසු රජ, මැති ඇමැතිවරුන්ගේ සිට පොදු ජනතාව දක්‌වා සෑම අයෙක්‌ම "නමෝ බුද්ධාය" යනුවෙන් නිතර දෙවේලේ ඇමතීමට පුරුදුව සිටියහ. එදවස ඇල් ගෙවිලියන් කෙත් රැක්‌කේ බුද්ධානුස්‌සති ගාථා


සඡ්Cධායනා කරමිනි. දුටුගැමුණු රජතුමාගේ මුවZග හැමවිටම නමෝ බුද්ධාය වදනින් සැරසී තිබුණ බව සාහිත්‍යයික මූලාශ්‍රයන් ගෙන් කියෑවෙයි. ධර්ම ග්‍රන්ථ, ශාස්‌ත්‍රීය ලිපි ලේඛන ආරම්භ කිරීමේදී හා අවසන් කිරීමේදී "නමෝ බුද්ධාය" සඳහන යෙදීමට පැරැණි ලේඛකයෝ පුරුදු වී සිටියහ. පෘතුගීසීන් ලංකාවට පැමිණීමට පෙර (1505 ට පෙර) විසූ සමස්‌ත ලක්‌වැසි ජනතාව එකිනෙකා හමුවූ විට "නමෝ බුද්ධාය" යි කියන්නට පුරුදුව සිටියහ. මීට අවුරුදු හැට හැත්තෑවට පෙර ලංකාවේ බොහෝ නිවාසයන්හි උළුවස්‌සට උඩින් "නමෝ බුද්ධාය" යන්න සටහන් කොට තිබිණ. අද පවා ඇතැම් නිවාසයන්හි එය දක්‌නට ඇත.


අතීත යුගයේ විසූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැම මොහොතක්‌ම ගතකළේ බුදුගුණම මෙනෙහි කරමින් බව ධම්මපදයේ ප්‍රකීර්ණක වග්ගයේ එන පහත සඳහන් ගාථාවෙන් කියෑවෙයි.


සුප්ප බුද්ධං පබුඡ්ජන්ති


සාදං ගෝතම සාවකා


තෙසං දිවාච රත්තෝච


නිච්චං බුද්ධ ගතා සති


"දිවා රෑ දෙකේදීම බුදුගුණ අරමුණු කොටගත් සිහිය ඇතිව වාසය කරන ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමදා සුවසේ නිදා පිබිදෙන්නෝය" යනු එහි භාවයයි.


බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ විසූ එකී බෞද්ධ පවුලක කුඩා දරුවෙක්‌ "නමෝ බුද්ධාය" යන දෙවදන බහ තෝරන වියේදී සිටම කීමට පුරුදු වී සිටියේය. එම දරුවා වරක්‌ අමු සොහොනක්‌ අසල අතරමං වී සිටියදී යක්‌ෂයකුගෙන් ගැළවීගත් පුවතක්‌ අරභයා ඉහත සඳහන් ගාථාව ඇතුළු ගාථා හයක්‌ උන්වහන්සේ දේශනා කළහ. එම දරුවා රාත්‍රිය මුළුල්ලේ අමනුෂ්‍යයන්ගෙන් ගැළවී


රැකවරණ ලැබුවේ තමන් වහන්සේ සිහියට නඟාගත් නිසා බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ දිවා රෑ දෙකේහි බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරන කල්හි සැමදා සතුටින් සිටිය හැකි බවත් එයින් ආරක්‌ෂාව සැලසෙන බවත් දේශනා කොට වදාළහ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමෙන් ලැබෙන අනන්ත රැකවරණය ධජග්ග සූත්‍රයෙන්ද ඉගෙන ගත හැකිය.


"බුද්ධොති ඝෝසං - යද පරතො සුනාසි
සම්බෝධි පත්තො - විවරති ධම්ම වග්ගං


"බුද්ධ" යන මිහිරි හඬ අසන්නට ලැබෙන විට සිත් පහන් වී දහම් මඟට යොමු වන බව සුත්ත නිපාතයේ නාලක සූත්‍රයේද සඳහන් වෙයි.


මෙසේ බුදුරජාණන් වහන්සේ විසින්ම අනුදැන වදාළ තුන් ලෝ වාසීන්ටම සෙත සැලසෙන අග්‍ර වූ උතුම් වූ ඇමතුමකි ඉහත කී ධර්ම දේශකයාණන් වහන්සේ විසින් විහිළුවට ලක්‌කරන ලද්දේ. තමන් වහන්සේ විසින් මැනවැයි පුරුදු කරවන ලද, පනවන ලද යම් දහමක්‌ පැනවීමක්‌ කිසියම් භික්‌ෂුවක්‌ නොපිළිපදින්නේ ද එය අන්‍යයන්ට ප්‍රගුණ නොකරන්නේද ඒ භික්‌ෂුව බොහෝ පව් රැස්‌කර ගන්නා බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ දී දේශනා කොට වදාළ සේක.


"පින්වත් මහණෙනි, ඒ සියලුම භික්‌ෂූන් වහන්සේලා බොහෝ ජනයාට අහිත පිණිස, බොහෝ ජනයාට නොසුව පිණිස, දෙව් මිනිස්‌ ලෝකයාට අහිත පිණිස පිළිපන්නාහු වෙති. ඔවුහු බොහෝ පව් රැස්‌කර ගනිති. ඒ භික්‌ෂූන් වහන්සේලාම මේ සද්ධර්මය අතුරුදන් කර දමන්නාහු ය."


දයාපාල ජයනෙත්ති


දිවයින ඇසුරින්

giovedì 19 aprile 2012

අවිහිංසාව ජීවිතයට අභිමානයකි

හිංසා කිරීම යන වචනය තුළ පවා ඇත්තේ යහපත් මනසකට මහත් පීඩාකාරී හැඟීම් ගෙන දෙන ස්වභාවයකි. යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ශාරීරඉක හෝ මානසික වශයෙන් පීඩාවක් ල්බා දීම මානව ධර්ම ගරු කරන සමාජයක් කිසිවිටෙක අනුමත නොකරන ක්‍රියාවකි.


සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙයිය න ඝාතයේ


සියල්ලෝ දඬුවමට බිය වෙති. සියල්ලෝ මරණයට බිය වෙති. (එබැවින්) තමන් උපමාවට ගෙන , හිංසා නොකරන්න.ඝාතන නොකරන්න.
 

මේ සුන්දර වූ උපදේශය බුදු දහමින් ලබා දෙන්නේ මානව ශිෂ්ඨාචාරය තුළ ලස්සන ලෝකයක් නිර්මාණය වනු දැකීමටය. මම කිසිවෙකුගේ දඬුවමකට කැමති නොවෙමි.පුහුදුන් මගේ සිත නිබඳවම ජීවිත තෘෂ්නාවෙන් යුත්තයි. මේ ජීවිතාශාව තවකෙකුගේ ඕන එපාකම් වෙනුවෙන් බිලි දීමට මගේ සිත අකමැති වන්නා සේම, වෙනත් සතුන් ද මිනිසුන් ද එයට විරුද්ධය.


මෙත් සිත පෙරදැරිව කරුණාවෙන් යුතුව සත්ව ප්‍රජාවට හිංසා නොකර සිටීමෙන් යම් පුද්ගලයෙකු දැහැමි වන්නේ නම්, එම තැනැත්තා ලබන මානසික සැනසීම අති උදාරය. අප නිසා තවකෙකු දුක් විඳින්නේ නම් හෝ මරණයට පත් වන්නේ නම් ඔහු විසින් විඳිනු ලබන එම වේදනාව අප හදවතට මහත් වූ පීඩාවක් නිර්මාණය කරයි. සිතට අසහනය උදාකොට සිත සසල කොට තබයි. එය බුදු දහමේ ඉගැන්වෙන "දිට්ඨ ධම්ම වේදනීය" කර්මයට විපාක දීමකි.


මෙම මානසික අසහනය සෘජු ලෙස ම ආතතියක් බවට පත් වී යහපත් මානසික තත්වයකින් කල්ගත කිරීමේ අවස්ථාවක් අහිමි කරයි. හිංසනයෙන් තොරව අවිහිංසාවාදී දිවි පෙවතක් ගත කරන ලෙස බුදු දහම අපට නිර්දේශ කරන්නේ එබැවිනි. අනුන් කෙරෙහි වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් හ ක්‍රෝධයෙන් ජීවිත ගත කර බොහෝ දෙනා විවිධ රෝගාබාධ වලින් පෙළෙන බව ජන සමාජය වෙත විමසුම් ඇසින් බලන විට පෙනී යයි. මෙම රෝගී තත්වයන් නිසාත්, හිංසාකාරී ලෙස සමාජය දෙස බලන නිසාත්, මෙම දුබලයා තුල හීනමානයක් හටගනී.එමගින් තම පෞරෂය බිඳ වැටී අභිමානවත් ජීවිතයක යහපත් සංවේදනය අහිමි කර ගනී.


අවිහිංසාවෙන් ලෝකය දෙස බලන්නට හැකි උදාර මිනිසා දෙවියන්ගෙන් පවා උපහාර ලබයි. අවංක ලෙස ලෝක සත්වයා වෙත කරුණාවෙන් හා මෛත්‍රියෙන් ප්‍රතිචාර දක්වන තැනැත්තාගේ මනස පියුම් විලක් මෙන් පිවිතුරුය. පියුම් විලට පතිත වන අපිරිසිදු අපද්‍රව්‍ය සියල්ල නෙළුම් පතක හෝ නෙළුම් මලක නොතැවරී ජලයේ ගිලී යයි. විල් පතුලේ සැඟ වෙන එම අපද්‍රව්‍යන් හී දුඟදක් හෝ අපවිත්‍ර තාවයක් පියුම කෙරෙහි සමීප නොවෙයි. ඒවා පියුමට පොහොරක් මිස සුගන්ධයට හෝ සොඳුරු බවට අභියෝගයක් නොවේ.
ඉවසීමෙන් සැනසීම ප්‍රාර්ථනා කරන අභිමානවත් මානවයා ද ඉහත කී පියුම සේ සියළු අභියෝග සාරවත් අත්දැකීම් බවට පත් කර ගනී. සමාජයේ දුබලයන් විසින් එල්ල කරනු ලබන තර්ජන හා ගර්ජන ඔහුගේ ජීවන පියුම තව තව ත් සුවඳවත් කරන වටිනා පොහොරක් මිස ආත්මීය ශක්තීන් දියාරු කරවන විෂ ද්‍රව්‍යයක් නොවේ.


සුළු අභියෝගයකින් පවා කෝපය දල්වා ගත හැකි පුද්ගලයන්ගෙන් ප්‍රවේසම් විය යුතුය. ඔහුගේ කෝපයට විශාල විනාශයක් වුව ද කළ හැකිය. හේතුව නම් කෝප වීම යනු මෝහයෙන් අන්ධවීමල් බැවිනි. බුද්ධිමත් මිනිසාට මෙම ඉක්මන් කේන්තිකාරයා පෙනෙන්නේ සර්පයෙකු ලෙසටයි. අනුවණ සිත් නිබඳවම කෝප ගින්නෙන් දැවීමේ ප්‍රවනතාව වැඩි නිසා ඔහු හා ගැටෙන්නට බුද්ධිමත් හදවත් සූඳානම් නොවන නිසා පුහු වීරත්වයක් ආරෝපනය කර ගැනීමට කේන්තිකාරයා සූඳානම් වෙයි. නමුත් විශ්ව සාධාරණ සත්‍යය වන්නේ වීරත්වය යනු කෝපය තුළ නොව ඉවසීම තුළ සුදිලෙන ධනාත්මක සාධකයක් බවයි.


කෝපයෙන් හෝ වෙනත් ලභාපේක්ෂාවෙන් තවකෙකුට කරනු ලබන හිංසනය හා ඝාතනය කිසි විටෙකත් වීරත්වයක් නොවන්නේ තම ජීවිතය රැක ගැනීමේ හා තම ජීවිතයේ සුව සහනය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් ඔහුට ද ඇති බැවිනි. පර හිංසනය තුලින් දූෂිත වන ආත්මීය ආකල්පයන්ට වඩා ලෝක සත්වයා ගේ සන්තුෂ්ටිය වෙනුවෙන් කරනු ලබන මෛත්‍රීසහගත ප්‍රාර්ථනාවෙන් සිතට ලබා දෙන්නේ අසීමිත ආත්මාභිමානයකි. 



වික්‍රමසිංහ අතපත්තු

lunedì 16 aprile 2012

ඝාතකයාගේ විලාපය......

සුදෝ සුදු වැලිතලාවෙන් වැසී ගත් සරුසාර පොල් හා එළවළු වගාවන්ගෙන් පිරී ගිය පුතලම කොළඹ දුම්-රිය මාර්ගය අසබඩ පිහිටි එක්තරා ගම්මානයකි. එහි බෞද්ධ, හින්දු , මුස්ලිම් යන ආගම් අදහන ජන කොටස් අඩු වැඩි වශයෙන් වාසය කරති.මුහුදට ආසන්නව පිහිටි මෙම ගම්මානය අයත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයට යි.මුළු දිස්ත්‍රික්කයට ම අවශ්‍යය ගව මස් හා කුකුලු මස් වලින් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ මෙහි ඇති මස් මඩු වලිනි.මෙම ඝාතකාගාරය තුළ සිදුවන සිදුවීම් පියවි ඇසින් දමින්නේ ඊට සම්බන්ධ කිහිප දෙනා හා බලු රංචු, කපුටු රෑන් පමණි.
පණ පිටින් ලොරියේ එන සතුන් මස් ගොඩවල් වලට පත්වී ලොරි වලින් ම හිමිදිරි උදෑසන ඝාතකාගාරයෙන් පිටත් වෙන අයුරු මේ ගමේ වැසියනට සුපුරුදු දසුනකි.මේ මහා සත්ව ඝාතනය පිළිබඳ හදවතින් ම කම්පා වන පවුල් කීපයක් මෙම ගමෙහි වාසය කළ ද, ඔවුනට කළ හැකි දෙයක් නැත.ඊට හේතුව තම ආගම අනුව මෙම සත්ව ඝාතන එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන බව මෙහි සිටින අනෙකුත් සියලු ජනතාව අදහන බැවිනි.
ගව ඝාතකාගාරයෙ හි සියලුම ගවයන්ගේ ගෙල සිඳ දමන්නේ එක් තරුණයෙකි. මරණ බයෙන් ගැහෙමින් සිටිනා අසරණ ගවයින්, යම පල්ලන් වැනි වධකයින් කිහිප දෙනෙකු විසින් මස් මඬුව වෙත ඇදගෙන එනු ලැබේ. ඉන්පසු ගවයාගේ පා සතර එකට ගැට ගසා, වහලේ බැඳ ඇති ලණුවකින් ගවයාගේ හිස ඉහළට එසවෙන සේ එක් වධකයෙකු ලණුව ඇදගෙන සිටියි.
ඉන් පසු තරුණයා සුපුරුදු ලෙසින් තම ආගම අනුව තියුණු මුවහත් ඇති පිහියට මොන මොනවදෝ මතුරා එක් වරම ගවයාගේ උගුරු දණ්ඩ කපා දමයි.මඳ වේලාවක් යන තුරු ගවයාගේ උගුරු දණ්ඩෙන් "ගොර ගොර" හඬක් නැඟේ. මස් මඩුව පුරා විසිරී යන උණු රුධිරය ඒ මැද ඇති කාණුවට වැටී ගලා යයි. ඉන් පසු අනෙක් වධකයින් ගවයාගේ ඇඟ ගැහෙද්දී ම හම ගැසීම සිදු කරයි. සෑම දිනකම ගවයින් දහ දොලොස් දෙනෙකුගේ ජීවිතය මේ අයුරින් වධකයින් විසින් ඩැහැ ගනී.
අහිංසක සතුනගේ ජීවිත බිලි ගනිමින් සිදුවන මේ අපරාධ සිත් පිත් ඇති මනුෂ්‍යයින් ඉවසා දරා සිටිය ද, නො පෙනෙනා ලෝකයෙන් ඊට එරෙහි වූ සෙයකි!


මෙකී තරුණයා සෑම මසක ම අමාවක පොහෝ දිනයේ මුළු දවස පුරාම සිහි විකල් වී වේදනාවෙන් කෑ මොර දෙයි.මහා භායානක යක්ෂයෙකු පැමිණ තමා අල්වා ගෙන ඔහු අත ඇති කඩුවෙන් තමාව කීතු කීතු කර ඉරා දමන බව, ඔහු පියවි සිහියට පැමිණ පසු තම හිතවතුන්ට ද පවුලේ අයට ද ප්‍රකාශ කර සිටියි. ඒ වන විට මේ කතාව අවට ගම් වල ද පැතිර ගොස් තිබිණි. නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම සිදු කළ ද අමාවක දින අනිවාර්යයෙන් ම ඔහුට මේ භයානක ඉරණම අත්විඳින්නට සිදු විය. එහෙත් තම ආගම දහම ගැන දැඩි මතයක එල්ඹ සිටි ඔහු මෙය තමා විසින් කරනු ලබන සත්ව ඝාතනයට ලැබෙන දඬුවමක් ලෙස කිසි විටෙක නො සිතුවේය.එලෙස සිතීමට ඔහුගේ ආගමික පරිසරය තුළින් ද ඔහුට ඉඩක් නොලැබුණි.මේ නිසා ම ඔහුගේ ගව ඝාතනය ද අමාවක ඩින හැර අන් සෑම දිනකම සුපුරුදු පරිදි සිදු විය.
එදිනෙදා අප කරනා ක්‍රියාවන්ට එදිනෙදා ම, ඒ මොහොතේ ම මෙසේ හොඳ හෝ නරක විපාක ලැබුණ අවස්ථා ඔබට සිහි පත් වනු ඇත. තමන් කරනා හොඳ නරක ක්‍රියාවන් අනුව මේ දිඟු සසර ගමනේ දී දිව්‍ය, බ්‍රහ්ම ලෝක ආදී සුගති ලෝක වල මෙන් ම ප්‍රේත, තිරිසන්, නිරය වැනි දුගති ලෝක වලත් අනිවාර්යයෙන් ම ඉපදී රැස් කරන ලද කර්මයන්ට අනුව සැප හෝ දුක්ඛ දෝමනස්සයන් විඳීමට සිදුවෙන අයුරු විමාන වත්ථු , ප්‍රේත වත්ථු ඇසුරින් අප උගෙන ඇත.
කොච්චිය ඔහු පසු කොට ගියේය. වැලමිට උඩින් වෙන් වූ අත රේල් පාරේ වැටී ඇත. පසුපස පැමිණි පිරිස ඔහු වහා රෝහල් ගත කළ ද, එද සිට ඔහුට ගවයින් ද දහස් ගණනකගේ ජීවිත අහිමි කළ දකුණු අත යළි ලැබුණේ නැත.මාස ගණනක් රෝහල් ගත කර සිට තුවාලය සුව වූ පසු ගෙදර පැමිණ ඔහු නැවත සුපුරුදු ගව ඝාතනය වම් අත උපයෝගී කොට ගෙන පෙර පරිදිම කරගෙන යාමට පටන් ගත්තේය.රෝහල් ගත කර සිටි කාලය තුළ භයානක යක්ෂයාගෙන් ඔහුට කරදරයක් සිදු නොවුණ ද නැවත සුපුරුදු රැකියාව ආරම්භ කිරීමත් සමඟ යක්ෂයා ඔහු සොයා පැමිණියේ ය. පෙර පරිදිම අමාවක දින ඔහු යක්ෂයාගේ වද බන්ධනයට ලක් විය.
එක් අමාවක දිනෙක සුපුරුදු පරිදි ඉහත කී යක්ෂයා කඩුවක් ද අමෝර තරුණයා පසුපස ලුහුබඳින්නට පටන් ගති ඔහුට අසුවුව හොත් පන පිටින් ම තමාගේ ශරීරය කීතු කීතු කොට ඉරා දමන බැවින් මොහු නිවස අසල ඇති රේල් පාර දිගේ දුවන්නට විය. කෑ මොර දෙමින් දුවන ඔහු පසු පස ඔහුගේ හිතවතුන් හා දෙමාපියන් ද දුවන්නට වූහ. ඉදිරියෙන් කොළඹ සිට පුත්තලමට එන කෝච්චිය "හූ" හඬ නඟමින් වේගයෙන් ඇදී එයි. පය පැකිළුන තරුණයා රේල් පාරෙන් ඉවතට වැටුණ ද ඔහුගේ දකුණු අත රේල් පාරේ යකඩ කඳ මත වැටුණි.
මෙම ගමෙහි සිදු වූ තවත් එවැනිම සත්‍ය සිදුවීමක් ද සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් සටහන් කරමි. කුකුලු ඝාතකාගාරයක් ද මෙම ගමෙහි ම විය.මෙහි ඝාතකාගාරහිමියා නම ගිය මුදලාලි කෙනෙකි. දස දෙසින් ගෙන එන ලබන කුකුළන් ඔහු හා ඔහුගේ සාහකයින් කීප දෙනෙකු විසින් මරා සකස් කොට වෙළඳ සැල් කරා යවනු ලබති. කුකුළන් මැරීම කරනු ලබන්නේ ද ඔවුන්ගේ ආගම දහම අනුව තියුණු මුවහත් පිහියට මතුරා ගෙල සිඳ දැමීමෙනි.කුකුළාගේ පා දෙක නමා එක් පයකින් පාගා එක් අතකින් කුකුළාගේ හිස උඩට ඇද එක් පාරකින් හිස කඳින් වෙන් කොට කුකුල් කවන්ඳය පසෙකට විසිකර දමයි.
තවත් එක් අමාවක දිනයකි. නැවතත් යක්ෂයා කඩුවක් අමෝරා මොහු පසුපස පන්නන්නට විය. එදින ම පෙර පරිදි ම රේල් පාර දිගේ දිව යයි. කෝච්චිය පෙර පරිදි ම ඉදිරියට එයි. මොහු පෙර පරිදි ම පය පැකිළී රේල් පාර මත වැටේ. මෙදින ඔහුගේ පා දෙක රේල් කඳ මත තිබූ අතර කඳ කොටස රේල් පාරෙන් පිට වැටී තිබිණ. කෝච්චිය ඔහු පසු කොට ගිය පසු දක්නට ලැබුණේ දණහිසට උඩින් කකුල් දෙක ම වෙන් වී ගිය තරුණයාගේ සිරුරයි.
ඔබ දෙනෙත් ඉදිරියේ මේ දිග හැරෙන්නේ ප්‍රබන්ධ වෘත්තාන්තයක් නො වන බව යළි සිහි කැඳවනු කැමැත්තෙමි.නැවතත් මාස ගණනක් රෝහල් ගත වී සිට සුවය ලබා ඔහු තම නිවසට පැමිණියේ ය. දැන් ඔහුට පා දෙක හා දකුණු අත අහිමිය. පසු පසට ටියුබ් කැබැල්ලක් බැඳගෙන ඔහු බඩගාමින් යන අයුරු ගම්වාසීන්ට දැන් සුපුරුදු දසුනකි.
හිස සුන් කුකුළා මීටර් කීපයක් ඉගිළී ගොස් බිම වැටෙ අත් තටු ගසමින් සිට නිහඬ වේ. ඒ නිවසේ පොඩිත්තන්ට හා අවට නිවෙස් වල දරුවන්ට ද මෙය ඉතාමත් ප්‍රියජනක දසුනකි. ඔවූහු ද අත්පුඩි ගසමින් කොක් හඬලා සිනා සෙමින් උඩ පනිමින් විනෝද වෙති.
මෙම මුදලාලි මාලිඟාවක් වන් විශාල නිවසක් ඉදි කළේය. ප්‍රදේශයේ ප්‍රභූන්ට හා හිතවතුන්ට ද, ගම්වාසීන්ට ද,ගෙට ගෙවැදීමේ උත්සවයට ඇරයුම් ලැබිණි. නියමිත දිනයෙහි රසමසවුලෙන් යුතු ආහාරපානාදිය මැනවින් සකස් කොට, ඔවුන්ගේ චාරිත්‍ර අනුව අමුත්තෝ ආහාර ගැනීම සඳහා සූඳානම් විය.ආහාර් බඳුන් විවෘත විය. සියලු දෙනාම ආහාර බෙදා ගෙන භුක්ති විඳීමට සූඳානම් වුවා පමණි.
මෙතෙක් වෙලා නිහඬව තිබූ පරිසරය සලිත විය.ම්හා වැලි කුණාටුවක් හමා ආවේය. වහලයේ උළු සීසී කඩ විසිර ගියේ ය. අමුත්තෝ හිස් ලූ ලූ අත දිවූහ. එළියෙන් අටවා තිබූ තහඩු මඬු ද පෙරලී ගියේය. විශාල වියදමක් දරා සකස් කොට තිබූ ආහාර වලින් එක් බත් කටක් හෝ කෑමට කිසිවෙකුට ඉඩ නො ලැබිණි.මෙහි තවත් පුදුමය නම් මෙම ගමෙහි සත්ව ඝාතනය අනුමත නො කළ කිසිදු නිවසකට, මෙම සුළි සුළඟින් කිසිදු හානියක් නො වූ අතර, අන් සියළු නිවාස වලට දැඩි අලාභ හානි සිදු වී තිබීම ය.
මෙසේ වූයේ ඇයි?


අසිරිමත් භගවත් මුව මඬලින් දේශනා කරන ලද අසූහාරදහසක් තරම් වූ ඒ මහා ධර්මස්කන්ධය ස්වක්ඛාතය.සන්දිට්ඨිකය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කර ගනිති.එවන් හේතුඵල වාදී පරිපූර්ණ දර්ශනයක්, දහමක් තවත් මේ දෙව්- මිනිස් ලෝකයේ නොමැත. රාග-ද්වේශ- මෝහ අකුසල මූලයන්ට බැඳුණ මිනිසා සිත-කය- වචනය තුලින් සිදු කරන සියලු හොඳ නරක ක්‍රියාවන්හි ප්‍රතිවිපාකයන් තුන් ආකාරය කින් යළි අප කරා පැමිණෙන අයුරු බුදුපියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කොට ඇත.
මෙලෙස කර්මය හා කර්ම විපාක පිළිබඳ අවබෝධයෙන් තොරව නොයෙකුත් පාපී කර්මයන් හී යෙදෙන මිනිස් වර්ගයාට අත්වන ඉරණම පිළිබඳව උන් වහන්සේ පුන පුනා දේශනා කොට ඇත්තේ සකල සත්වයා කෙරෙහි පතල මහා කරුණාව නිසාය. මේ උතුම් දහම බෞද්ධ අපට පමණක් අදාල වූවක් නොවේ. සසරට වන් සකල සත්ව ප්‍රජාවට ම මෙය එක සේ බලපාන ගැටළුවකි. ඔබ කිනම් ආගමකට අයත් කුමන තරාතිරමේ පුද්ගලයෙකු වුව ද එම ආගම් වල කුමක් ඉගැන් වුව ද ඔබට අවසානයේ ඉතිරි වන්නේ ඔබ විසින්ම සිත කය වචනය යන තිදොරින් සිදු කළ යහපත් හා අයහපත් ක්‍රියාවන්ගේ විපාක ගොන්නක් පමණි.
කර්මය හා කර්ම විපාක පිළිබඳ ව අදහන දනට නම් මෙකී සිද්ධි දාමයන් පුදුමයට කරුණක් නොවේ.


ඇස් ඇත්තෝ, දෑස් ඇර බලත් වා.....!


සටහන් තිලක් දිසානායක
මහාමේඝ පුවත්පත ඇසුරින්.