දුක නම් වූ ආර්ය සත්‍ය - දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය - දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය

lunedì 16 aprile 2012

ඝාතකයාගේ විලාපය......

සුදෝ සුදු වැලිතලාවෙන් වැසී ගත් සරුසාර පොල් හා එළවළු වගාවන්ගෙන් පිරී ගිය පුතලම කොළඹ දුම්-රිය මාර්ගය අසබඩ පිහිටි එක්තරා ගම්මානයකි. එහි බෞද්ධ, හින්දු , මුස්ලිම් යන ආගම් අදහන ජන කොටස් අඩු වැඩි වශයෙන් වාසය කරති.මුහුදට ආසන්නව පිහිටි මෙම ගම්මානය අයත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයට යි.මුළු දිස්ත්‍රික්කයට ම අවශ්‍යය ගව මස් හා කුකුලු මස් වලින් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ මෙහි ඇති මස් මඩු වලිනි.මෙම ඝාතකාගාරය තුළ සිදුවන සිදුවීම් පියවි ඇසින් දමින්නේ ඊට සම්බන්ධ කිහිප දෙනා හා බලු රංචු, කපුටු රෑන් පමණි.
පණ පිටින් ලොරියේ එන සතුන් මස් ගොඩවල් වලට පත්වී ලොරි වලින් ම හිමිදිරි උදෑසන ඝාතකාගාරයෙන් පිටත් වෙන අයුරු මේ ගමේ වැසියනට සුපුරුදු දසුනකි.මේ මහා සත්ව ඝාතනය පිළිබඳ හදවතින් ම කම්පා වන පවුල් කීපයක් මෙම ගමෙහි වාසය කළ ද, ඔවුනට කළ හැකි දෙයක් නැත.ඊට හේතුව තම ආගම අනුව මෙම සත්ව ඝාතන එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන බව මෙහි සිටින අනෙකුත් සියලු ජනතාව අදහන බැවිනි.
ගව ඝාතකාගාරයෙ හි සියලුම ගවයන්ගේ ගෙල සිඳ දමන්නේ එක් තරුණයෙකි. මරණ බයෙන් ගැහෙමින් සිටිනා අසරණ ගවයින්, යම පල්ලන් වැනි වධකයින් කිහිප දෙනෙකු විසින් මස් මඬුව වෙත ඇදගෙන එනු ලැබේ. ඉන්පසු ගවයාගේ පා සතර එකට ගැට ගසා, වහලේ බැඳ ඇති ලණුවකින් ගවයාගේ හිස ඉහළට එසවෙන සේ එක් වධකයෙකු ලණුව ඇදගෙන සිටියි.
ඉන් පසු තරුණයා සුපුරුදු ලෙසින් තම ආගම අනුව තියුණු මුවහත් ඇති පිහියට මොන මොනවදෝ මතුරා එක් වරම ගවයාගේ උගුරු දණ්ඩ කපා දමයි.මඳ වේලාවක් යන තුරු ගවයාගේ උගුරු දණ්ඩෙන් "ගොර ගොර" හඬක් නැඟේ. මස් මඩුව පුරා විසිරී යන උණු රුධිරය ඒ මැද ඇති කාණුවට වැටී ගලා යයි. ඉන් පසු අනෙක් වධකයින් ගවයාගේ ඇඟ ගැහෙද්දී ම හම ගැසීම සිදු කරයි. සෑම දිනකම ගවයින් දහ දොලොස් දෙනෙකුගේ ජීවිතය මේ අයුරින් වධකයින් විසින් ඩැහැ ගනී.
අහිංසක සතුනගේ ජීවිත බිලි ගනිමින් සිදුවන මේ අපරාධ සිත් පිත් ඇති මනුෂ්‍යයින් ඉවසා දරා සිටිය ද, නො පෙනෙනා ලෝකයෙන් ඊට එරෙහි වූ සෙයකි!


මෙකී තරුණයා සෑම මසක ම අමාවක පොහෝ දිනයේ මුළු දවස පුරාම සිහි විකල් වී වේදනාවෙන් කෑ මොර දෙයි.මහා භායානක යක්ෂයෙකු පැමිණ තමා අල්වා ගෙන ඔහු අත ඇති කඩුවෙන් තමාව කීතු කීතු කර ඉරා දමන බව, ඔහු පියවි සිහියට පැමිණ පසු තම හිතවතුන්ට ද පවුලේ අයට ද ප්‍රකාශ කර සිටියි. ඒ වන විට මේ කතාව අවට ගම් වල ද පැතිර ගොස් තිබිණි. නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම සිදු කළ ද අමාවක දින අනිවාර්යයෙන් ම ඔහුට මේ භයානක ඉරණම අත්විඳින්නට සිදු විය. එහෙත් තම ආගම දහම ගැන දැඩි මතයක එල්ඹ සිටි ඔහු මෙය තමා විසින් කරනු ලබන සත්ව ඝාතනයට ලැබෙන දඬුවමක් ලෙස කිසි විටෙක නො සිතුවේය.එලෙස සිතීමට ඔහුගේ ආගමික පරිසරය තුළින් ද ඔහුට ඉඩක් නොලැබුණි.මේ නිසා ම ඔහුගේ ගව ඝාතනය ද අමාවක ඩින හැර අන් සෑම දිනකම සුපුරුදු පරිදි සිදු විය.
එදිනෙදා අප කරනා ක්‍රියාවන්ට එදිනෙදා ම, ඒ මොහොතේ ම මෙසේ හොඳ හෝ නරක විපාක ලැබුණ අවස්ථා ඔබට සිහි පත් වනු ඇත. තමන් කරනා හොඳ නරක ක්‍රියාවන් අනුව මේ දිඟු සසර ගමනේ දී දිව්‍ය, බ්‍රහ්ම ලෝක ආදී සුගති ලෝක වල මෙන් ම ප්‍රේත, තිරිසන්, නිරය වැනි දුගති ලෝක වලත් අනිවාර්යයෙන් ම ඉපදී රැස් කරන ලද කර්මයන්ට අනුව සැප හෝ දුක්ඛ දෝමනස්සයන් විඳීමට සිදුවෙන අයුරු විමාන වත්ථු , ප්‍රේත වත්ථු ඇසුරින් අප උගෙන ඇත.
කොච්චිය ඔහු පසු කොට ගියේය. වැලමිට උඩින් වෙන් වූ අත රේල් පාරේ වැටී ඇත. පසුපස පැමිණි පිරිස ඔහු වහා රෝහල් ගත කළ ද, එද සිට ඔහුට ගවයින් ද දහස් ගණනකගේ ජීවිත අහිමි කළ දකුණු අත යළි ලැබුණේ නැත.මාස ගණනක් රෝහල් ගත කර සිට තුවාලය සුව වූ පසු ගෙදර පැමිණ ඔහු නැවත සුපුරුදු ගව ඝාතනය වම් අත උපයෝගී කොට ගෙන පෙර පරිදිම කරගෙන යාමට පටන් ගත්තේය.රෝහල් ගත කර සිටි කාලය තුළ භයානක යක්ෂයාගෙන් ඔහුට කරදරයක් සිදු නොවුණ ද නැවත සුපුරුදු රැකියාව ආරම්භ කිරීමත් සමඟ යක්ෂයා ඔහු සොයා පැමිණියේ ය. පෙර පරිදිම අමාවක දින ඔහු යක්ෂයාගේ වද බන්ධනයට ලක් විය.
එක් අමාවක දිනෙක සුපුරුදු පරිදි ඉහත කී යක්ෂයා කඩුවක් ද අමෝර තරුණයා පසුපස ලුහුබඳින්නට පටන් ගති ඔහුට අසුවුව හොත් පන පිටින් ම තමාගේ ශරීරය කීතු කීතු කොට ඉරා දමන බැවින් මොහු නිවස අසල ඇති රේල් පාර දිගේ දුවන්නට විය. කෑ මොර දෙමින් දුවන ඔහු පසු පස ඔහුගේ හිතවතුන් හා දෙමාපියන් ද දුවන්නට වූහ. ඉදිරියෙන් කොළඹ සිට පුත්තලමට එන කෝච්චිය "හූ" හඬ නඟමින් වේගයෙන් ඇදී එයි. පය පැකිළුන තරුණයා රේල් පාරෙන් ඉවතට වැටුණ ද ඔහුගේ දකුණු අත රේල් පාරේ යකඩ කඳ මත වැටුණි.
මෙම ගමෙහි සිදු වූ තවත් එවැනිම සත්‍ය සිදුවීමක් ද සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් සටහන් කරමි. කුකුලු ඝාතකාගාරයක් ද මෙම ගමෙහි ම විය.මෙහි ඝාතකාගාරහිමියා නම ගිය මුදලාලි කෙනෙකි. දස දෙසින් ගෙන එන ලබන කුකුළන් ඔහු හා ඔහුගේ සාහකයින් කීප දෙනෙකු විසින් මරා සකස් කොට වෙළඳ සැල් කරා යවනු ලබති. කුකුළන් මැරීම කරනු ලබන්නේ ද ඔවුන්ගේ ආගම දහම අනුව තියුණු මුවහත් පිහියට මතුරා ගෙල සිඳ දැමීමෙනි.කුකුළාගේ පා දෙක නමා එක් පයකින් පාගා එක් අතකින් කුකුළාගේ හිස උඩට ඇද එක් පාරකින් හිස කඳින් වෙන් කොට කුකුල් කවන්ඳය පසෙකට විසිකර දමයි.
තවත් එක් අමාවක දිනයකි. නැවතත් යක්ෂයා කඩුවක් අමෝරා මොහු පසුපස පන්නන්නට විය. එදින ම පෙර පරිදි ම රේල් පාර දිගේ දිව යයි. කෝච්චිය පෙර පරිදි ම ඉදිරියට එයි. මොහු පෙර පරිදි ම පය පැකිළී රේල් පාර මත වැටේ. මෙදින ඔහුගේ පා දෙක රේල් කඳ මත තිබූ අතර කඳ කොටස රේල් පාරෙන් පිට වැටී තිබිණ. කෝච්චිය ඔහු පසු කොට ගිය පසු දක්නට ලැබුණේ දණහිසට උඩින් කකුල් දෙක ම වෙන් වී ගිය තරුණයාගේ සිරුරයි.
ඔබ දෙනෙත් ඉදිරියේ මේ දිග හැරෙන්නේ ප්‍රබන්ධ වෘත්තාන්තයක් නො වන බව යළි සිහි කැඳවනු කැමැත්තෙමි.නැවතත් මාස ගණනක් රෝහල් ගත වී සිට සුවය ලබා ඔහු තම නිවසට පැමිණියේ ය. දැන් ඔහුට පා දෙක හා දකුණු අත අහිමිය. පසු පසට ටියුබ් කැබැල්ලක් බැඳගෙන ඔහු බඩගාමින් යන අයුරු ගම්වාසීන්ට දැන් සුපුරුදු දසුනකි.
හිස සුන් කුකුළා මීටර් කීපයක් ඉගිළී ගොස් බිම වැටෙ අත් තටු ගසමින් සිට නිහඬ වේ. ඒ නිවසේ පොඩිත්තන්ට හා අවට නිවෙස් වල දරුවන්ට ද මෙය ඉතාමත් ප්‍රියජනක දසුනකි. ඔවූහු ද අත්පුඩි ගසමින් කොක් හඬලා සිනා සෙමින් උඩ පනිමින් විනෝද වෙති.
මෙම මුදලාලි මාලිඟාවක් වන් විශාල නිවසක් ඉදි කළේය. ප්‍රදේශයේ ප්‍රභූන්ට හා හිතවතුන්ට ද, ගම්වාසීන්ට ද,ගෙට ගෙවැදීමේ උත්සවයට ඇරයුම් ලැබිණි. නියමිත දිනයෙහි රසමසවුලෙන් යුතු ආහාරපානාදිය මැනවින් සකස් කොට, ඔවුන්ගේ චාරිත්‍ර අනුව අමුත්තෝ ආහාර ගැනීම සඳහා සූඳානම් විය.ආහාර් බඳුන් විවෘත විය. සියලු දෙනාම ආහාර බෙදා ගෙන භුක්ති විඳීමට සූඳානම් වුවා පමණි.
මෙතෙක් වෙලා නිහඬව තිබූ පරිසරය සලිත විය.ම්හා වැලි කුණාටුවක් හමා ආවේය. වහලයේ උළු සීසී කඩ විසිර ගියේ ය. අමුත්තෝ හිස් ලූ ලූ අත දිවූහ. එළියෙන් අටවා තිබූ තහඩු මඬු ද පෙරලී ගියේය. විශාල වියදමක් දරා සකස් කොට තිබූ ආහාර වලින් එක් බත් කටක් හෝ කෑමට කිසිවෙකුට ඉඩ නො ලැබිණි.මෙහි තවත් පුදුමය නම් මෙම ගමෙහි සත්ව ඝාතනය අනුමත නො කළ කිසිදු නිවසකට, මෙම සුළි සුළඟින් කිසිදු හානියක් නො වූ අතර, අන් සියළු නිවාස වලට දැඩි අලාභ හානි සිදු වී තිබීම ය.
මෙසේ වූයේ ඇයි?


අසිරිමත් භගවත් මුව මඬලින් දේශනා කරන ලද අසූහාරදහසක් තරම් වූ ඒ මහා ධර්මස්කන්ධය ස්වක්ඛාතය.සන්දිට්ඨිකය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කර ගනිති.එවන් හේතුඵල වාදී පරිපූර්ණ දර්ශනයක්, දහමක් තවත් මේ දෙව්- මිනිස් ලෝකයේ නොමැත. රාග-ද්වේශ- මෝහ අකුසල මූලයන්ට බැඳුණ මිනිසා සිත-කය- වචනය තුලින් සිදු කරන සියලු හොඳ නරක ක්‍රියාවන්හි ප්‍රතිවිපාකයන් තුන් ආකාරය කින් යළි අප කරා පැමිණෙන අයුරු බුදුපියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කොට ඇත.
මෙලෙස කර්මය හා කර්ම විපාක පිළිබඳ අවබෝධයෙන් තොරව නොයෙකුත් පාපී කර්මයන් හී යෙදෙන මිනිස් වර්ගයාට අත්වන ඉරණම පිළිබඳව උන් වහන්සේ පුන පුනා දේශනා කොට ඇත්තේ සකල සත්වයා කෙරෙහි පතල මහා කරුණාව නිසාය. මේ උතුම් දහම බෞද්ධ අපට පමණක් අදාල වූවක් නොවේ. සසරට වන් සකල සත්ව ප්‍රජාවට ම මෙය එක සේ බලපාන ගැටළුවකි. ඔබ කිනම් ආගමකට අයත් කුමන තරාතිරමේ පුද්ගලයෙකු වුව ද එම ආගම් වල කුමක් ඉගැන් වුව ද ඔබට අවසානයේ ඉතිරි වන්නේ ඔබ විසින්ම සිත කය වචනය යන තිදොරින් සිදු කළ යහපත් හා අයහපත් ක්‍රියාවන්ගේ විපාක ගොන්නක් පමණි.
කර්මය හා කර්ම විපාක පිළිබඳ ව අදහන දනට නම් මෙකී සිද්ධි දාමයන් පුදුමයට කරුණක් නොවේ.


ඇස් ඇත්තෝ, දෑස් ඇර බලත් වා.....!


සටහන් තිලක් දිසානායක
මහාමේඝ පුවත්පත ඇසුරින්.

1 commento:

  1. මාර තර්ජනීය සූත්‍රය1 -පූජනීය ඇල්ලේ කුසලඤාණ ස්වාමීන් වහන්සේ, මෙම සුත්‍ර දේශනව ශ්‍රවනය කිරීමට නොහැක .කරුණාකර මෙය ශ්‍රවනය කිරීමට හැකි වන අයුරින් සකසන්නේ නම් මැනවි..තෙරුවන් සරණය්

    RispondiElimina